ආගමික අසමගිය ඇති කරන්න ඉඩ දෙන්නේ නැහැ ආගමික අසමගිය ඇති කිරීමට කිසිවකුටත් ඉඩ ලබා නොදෙන බවත්, එවැනි පුද්ගලයන්ට සහ කණ්ඩායම් වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. 30 May 2023
ජනපති ලේකම්ගේ නිවසට පැන්න අයෙක් මාට්ටු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ පානදුර පිංවත්ත නිවසට අද (30) දහවල් ඇතුළුවීමට තැත් කළ පුද්ගලයෙකු පින්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 30 May 2023
ගුවන්තොටේ සංචාරක කවුළුව හිටි හැටියේ වහයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ පහසුව සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විවෘත කෙරුණු විශේෂ කවුන්ටර මේ වන විට වසා දමා ඇති බව වාර්තා වෙයි. 30 May 2023
ආදීවාසීන්ගේ වේලක වියදම මිහින්තලයට දෙයි මගේ ගමේ මගේ පරම්පරාවේ මිනිස්සු එක වේලක වැය කරන මුදල් එකතු කරලා මිහින්තලේ පොසොන් සැමරුම සැමරීමට ආධාර කරන්න සූදානම් වෙලා ඉන්නවා යැයි ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් පවසයි. 30 May 2023
සමත් නැති ගොඩට දැමූ පහේ 146 ඉහළින්ම පාස් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයේදී විභාගය අසමත්ව සිටි සිසුන් 146 දෙනකු කඩඉම් ලකුණු අභිබවා විභාගය සමත්ව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. 30 May 2023
උසස් පෙළ ප්‍රතිඵල මාස හයකට පසු දෙන්න යයි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන ආගෝස්තු මාසයේදී නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කීය. 30 May 2023
විදේශ ශිෂ්‍යත්ව කමිටුව අහෝසි කරලා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයට විදේශ ශිෂ්‍යත්ව, පුහුණු සහ සම්මන්ත්රණ අවස්ථාව විශාල සංඛ්‍යාවක් ලැබෙන බවත් වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ එම විදේශ සංචාර නිර්දේශ කිරීමට පත්කළ කමිටුව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අහෝසි කර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘ලංකාදීප’යට පැවසීය. 30 May 2023
රැකවලු ඉවත් විය යුතු තැන් ටිරාන් කියයි ආරක්ෂාව අවශ්‍ය නොවන යම් යම් පුද්ගලයන්ගේ සහ ස්ථානවල ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් ඒ පුද්ගලයන්ගෙන් සහ ස්ථානවලින් ඉවත් කර පොලිස් ස්ථානවලට වහාම අනුයුක්ත කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් දුන්නේය. 30 May 2023
ඉන්දියාවෙන් ලංකාවට සහනයක් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක ණය පහසුකමේ කාල සීමාව ලබන වසරේ මාර්තු මස දක්වා දීර්ඝ කර තිබේ. 30 May 2023
කුවෙට් තානාපති කාර්යාලයත් වෙසක් සමරයි කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය නිලධාරීන් සහ එරට ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය එක්ව 35 වැනි වරටත් සංවිධානය කළ වෙසක් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් 25 සහ 26 යන දෙදින කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි . 30 May 2023
රුසියාවේ මොස්කව් නගරයට ඩ්‍රෝන ප්‍රහාරයක් රුසියාවේ මොස්කව් නගරයට අද (30) උදෑසන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් මොස්කව් නගරයේ ගොඩනැගිලි කිහිපයකට සුළු අලාභානි සිදුව ඇත. 30 May 2023
චෙස් ක්‍රීඩකයන්ට දුන් ආහාර විෂ වේ හික්කඩුවේ හෝටලයක පැවැත්වෙන ජාත්‍යාන්තර ශේණිගත කිරීමේ චෙස් තරගාවලියකට සහභාගී වෙමින් සිටින දෙස් විදෙස් චෙස් කීඩක,කීඩිකාවන් අතරින් සිය දෙනකු හදිසියේ රෝගී වී ප්‍රතිකාර ලබා දුන් බව හික්කඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක චින්තක පසාද් මහතා පවසයි. 30 May 2023
ලිට්රෝ දෛනික සැපයුම ඉහළට ලිට්රෝ ගෑස් සඳහා ඇති අඛණ්ඩ ඉල්ලුම හේතුවෙන් දෛනික ගෑස් සැපයුම සිලින්ඩර 30,000 සිට 40,000 දක්වා සිලින්ඩර 10,000 කින් ඉහළ දැමීමට පියවර ගත් බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 30 May 2023
ව්‍යාජ නෝට්ටු සමඟ විධායක නිලධාරියා අල්ලයි ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි විධායක ශ්‍රේණියේ විගණන නිලධාරියෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැල්ලව පොලීසිය පවසයි. 30 May 2023
ඉන්දියාවට ගිහින් කැනඩාවට පනින්න ගිය 10ක් මාට්ටු ඉන්දියානු ආගමන කාර්යාංශයේ නිලධාරීන් රවටමින් දිල්ලි ගුවන් තොටුපොළෙන් කැනඩාව බලා යාමට උත්සාහ දැරූ ශ්‍රී ලාංකිකයන් 10 දෙනකු සහ ඔවුන් කැනඩාවට යැවීමට උත්සාහ දැරූ නියෝජිතයා දිල්ලි පොලිසිය අත් අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත. 30 May 2023
පෙම්වතියගේ පියා පෙම්වතා උස්සයි පාසල් යන වයසේ පෙම් යුවළක් උපකාරක පන්තිය හමාර වීමෙන් පසු ඒ අසළ පාළු මාවතක ගමන් කරමින් සිටිදි පෙම්වතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියගේ මව පියා සහ පියාගේ මිත්‍රයකු කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . 30 May 2023
ඇමති කාංචන කථානායකට ලියයි පාර්ලිමේන්තු විවාදයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා කළ ප්‍රකාශයක් මාධ්‍යවල පළකිරීමෙන් මන්ත්‍රී වරප්‍රසාද කඩවූයේ යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ආයතන රැසක් වරප්‍රසාද කමිටුවට කැඳවන ලෙස කථානායකවරයාට ලිඛිතව දැනුම්දී තිබේ. 30 May 2023
මඤ්ඤොක්කා හබය මරණයෙන් අවසන් වෙයි කලවාන ගල්කැටිය දේශීය ඉඩමක මඤ්ඤොක්කා පැලයක් කඩා දැමීමේ සිද්ධියක් මුල් කරගෙන බහින්බස් වීමක් දුරදිග යාමෙන් 78 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි කලවාන පොලිසිය. 30 May 2023
’’කෝප් ලොක්කා හිතුවක්කාරයි’’ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝප් ) සභාපතිවරයා ස්ථාවර නියෝගවලට පටහැනිව හිතුමතේ කටයුතු කරන තත්වයක් පවතින හෙයින් එලෙස කටයුතු කිරීම නැවැත්වීමට එම සභාපතිවරයා වහාම කැඳවා උපදෙස් දෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යවමින් අද ( 30) ඉල්ලීමක් කළේය. 30 May 2023
පොසොන් සතිය හෙටින් ඇරැඹේ ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් 2331 වන ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවතී. මෙවර පොසොන් සතිය හෙට සිට ආරම්භ වේ. 30 May 2023
කැලණිවැලි කෝච්චියට ලොකු තල්ලුවක් කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය වේගවත් කිරීම සඳහා ඒකාබද්ධ සැලැස්මක් කඩිනමින් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දුම්රිය දෙපාර්තමේන්තුවට සහ මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය. 30 May 2023
සෞඛ්‍ය නංවන්නත් මාලදිවයින එක්ක අත්වැල් බැඳගනියි මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂෙත්රයේ සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. 30 May 2023
ගොදුර නිසා අවසන් ගමන් ගිය උකුස්සා වව්නියාව අලගල්ල ප්‍රදේශයේ පිහිටි ට්රාන්ස්ෆෝමරයක අධිබලැති විදුලිය වැදිමෙන් යෝධ උකුස්සකු මියගොස් සිටියදී හමු වී තිබේ. 30 May 2023
වාහන හතරක් එකට ගැටේ බුලත්සිංහල හොරණ මාර්ගයේ නාරගල මංසන්ධියේදී අද (30) උදෑසන ත්‍රී රෝද රථ දෙකක්, මෝටර් රථයක් සහ යතුරු පැදියක් එකි නෙක ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනකු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි. 30 May 2023
විරෝධතාවේ සිටි සිරකරු විජලනයෙන් රෝහලට යාපනය බන්ධනාගාරයේ සිරගතව සිටින සිරකරුවකු ආහාර වර්ජනය කරමින් බන්ධනාගාරයේ වහලය උඩට නැග විරෝධතාවක නිරත වෙමින් සිටින අතරතුරදී ඇති විජලන තත්වයක් හේතුවෙන් (29) රෝහලගත කර තිබේ. 30 May 2023
ලී බඩු සාප්පුව ගින්නට බිලි හයිලෙවල් පාර මීගොඩ නඩුහේන හන්දිය ආසන්නයේ පවත්වාගෙන ගිය ගෘහ භාණ්ඩ නිෂ්පාදන අලෙවි සලක අද (30) උදෑසන ඇති වූ ගින්නකින් එම වෙළද මධ්‍යස්ථානය සම්පූර්ණයෙන් ම ගිනි ගෙන දැවී ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. 30 May 2023
උපයෝගිතා කොමිසමේ මුල් පුටුවට ඩග්ලස් යෝජනා කරයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික පරිපාලන නිලධාරියෙක් වන ඩග්ලස් නානායක්කාර මහතා පත්කිරීමට ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර තිබේ. 30 May 2023
‘බබා‘ගේ ගෝලයෙක් එස් ටී එෆ් දැලේ රුපියල් කෝටියකට ආසන්න වටිනා හෙරොයින් තොගයක් සහ ජර්මනියේ නිෂ්පාදිත මයික්‍රෝ වර්ගය පිස්තෝලයක් සමග පාතාල සාමාජිකයකු අහුන්ගල්ල මරදාන ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇත . 30 May 2023
මැලේසියාව සමග තිබුණු ගිවිසුමක් දීර්ඝ කරයි ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ මැලේසියාවේ කෘෂිකාර්මික පර්යේෂණ සංවර්ධන ආයතනය සමඟ අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමේ වලංගු කාලය දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය. 30 May 2023
ලංකාව සහ මාලදිවයින අතර රේගු ගිවිසුමක් ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර රේගු කටයුතු පිළිබඳ සහයෝගීතාව හා අන්‍යෝන්‍ය සහය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය. 30 May 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026