IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මැතිසබේ සේවකයෙකුට ’’විශේෂ සැලකිල්ල’’ කැබිනට්ටුව විසිකරයි

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සේවකයකුට සේවා දීර්ඝයක් ලබා ගැනීමට කෙරුණු ඉල්ලීමක් කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.

පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කර ඇති මෙම සේවකයා ලබන ජනවාරි මස විශ්‍රාම යෑමට නියමිතය.

වයස 60න් පසු සේවා දීර්ඝ ලබා නොදීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගෙන ඇති හෙයින් එම සේවා දීර්ඝ ඉල්ලීම කැබිනට් මණ්ඩලය මෙසේ ප්‍රතික්ෂේප කළ බව  රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

එක්තරා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකුට  ආවතේව කිරීම සඳහා යෙදවීමට මෙම සේවකයාගේ සේවය තවදුරටත් අවශ්‍ය බව කැබිනට් මණ්ඩලයට පෙන්වාදී තිබිණැයි දැනගන්නට ඇත.

එම ඉල්ලීම කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු මෙම සේවකයා අමාත්‍යවරයකුගේ  පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විශ්‍රාම ගිය අවස්ථාවේදීද රජයේ ප්‍රතිපත්තිය අනුව ඔහුට සේවා දීර්ඝයක් ලබාදීමට කටයුතු නොකෙරිණ.



අදහස් (6)

මැතිසබේ සේවකයෙකුට ’’විශේෂ සැලකිල්ල’’ කැබිනට්ටුව විසිකරයි

ajith Tuesday, 19 December 2023 11:21 PM

කැබිනට් එකේ ඉන්න ගොඩක් අයට 73 පැනලා

:       1       8

චන්දන Wednesday, 20 December 2023 09:39 AM

ඇවිදගන්නත් බැරිමෙවුන් රටටම වදයක්.ගෙදරට වෙලාපුළුවන් එකෙකුට අවස්ථාව දෙන්නෙ නැතිව මැරෙනකම් ඉන්නව.

:       1       14

achini Wednesday, 20 December 2023 04:03 PM

ඉස්තිරෙන්ම ආර්ථික ගාතකයන්ගෙන් එකෙගෙ සට්ටැබියෙක්

:       0       1

ලසා Wednesday, 20 December 2023 08:07 PM

පාර්ලිමේන්තුවේ ආවතේව තනතුරට කීයක් ගෙවනවාද?

:       0       1

ලැ .... සි.... Wednesday, 20 December 2023 08:27 PM

මෙය සංවිධානත්මක උත්සාහයකි. මේ මුට්ටිය දැම්මේ පහරක් වදිවිද නැත්නම් අනෙක් අයටත් රුකුළක් වේවිද යන්නටයි. මේ පානෙන් එළිය බලන්න බලාගෙන ඉන්න අධ්‍යක්ෂවරයෙකුගේ තව දුරටත් රැදී සිටිමින් වරප්‍රසාද භුක්ති විදීමට ඇති පෙරේතකම අභිප්‍රාය සපුරාගැනීමට ගත් සැලැස්මකි.

:       0       1

predee silva Thursday, 21 December 2023 06:35 AM

මෙම ශූක්ෂම උත්සාහය තම සේවා කලාය දීර්ඝ කරගැනීමට වෙර දරන ජ්‍යේෂ්ඨ නිලධාරියෙකුගේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site