මැර කල්ලි භාවිත කරන ආයුධ යාපනයෙන් හසු වෙයි යාපනයේ ක්‍රියාත්මක මැරකල්ලි භාවිතා කරන තියුණු ආයුධ කිහිපයක් යාපනය , අච්චුවේලි , සෙල්වනායගපුරම් ප්‍රදේශයේ ඉඩමක තිබී සොයාගත් බව අච්චුවේලි පොලිසිය කියයි. 01 June 2023
අබුඩාබි බඩු නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද අළුයම මුහුදට ඇද වැටී මිය ගොස් ඇතැයි වරාය පොලීසිය කියයි. 01 June 2023
බෲනෝ දිවාකර ලබන 7 තෙක් රිමාන්ඩ් බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් නතාෂා එදිරිසුරිය ඉදිරිපත් කළ ප්‍රහසන වැඩසටහනක් යු ටියුබ් නාලිකාවට ඔස්සේ අන්තර් ජාලයට මුදා හැරීයේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයකු වු බෲනෝ දිවාකර ලබන 7 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොටුම මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝ කළේය. 01 June 2023
ඉලෝන් යළි ලොව ධනවත්ම පුද්ගලයා වෙයි ලොව ධනවත්ම පුද්ගලයා වූ බර්නාර්ඩ් ආර්නෝල්ට් පසු කරමින් ඉලෝන් මස්ක් නැවත වරක් ලොව ධනවත්ම පුද්ගලයා වී තිබේ. 01 June 2023
පොලී අනුපාත පහළට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (31) පැවැත්වූ රැස්වීමේදී මුදල් ප්රත්පත්තිය ලිහිල් කිරීමට තීරණය කර තිබේ. 01 June 2023
වායු රයිෆලයක් ගෙන ගිය කුවෙට් ජාතිකයා ගුවන්තොටෙන් අල්ලයි වායු රයිෆලයක් ගමන් බෑගය තුළ සඟවාගෙන කුවේට් රාජ්‍යය බලා යෑමට උත්සාහ කළ කුවේට් ජාතිකයකු ගුවන්තොටුපල ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 01 June 2023
ලක්ෂ 50 ක කුඩු සමඟ දෙකක් මාට්ටු මහරගම නාවින්න ප්‍රදේශයේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක නිවසක් තුළ මත්කුඩු පැකට් කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු ලක්ෂ 50 ක පමණ හෙරොයින් සමඟ විශේෂ කාර්ය බලකාය බළකාය අත්අඩංගුවට ගෙන ඇත. 01 June 2023
පස් කන්දක් වැටී උඩරට දුම්රිය ගමනා ගමනයට බාධා උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (1) අලුයම ගල්පර්වත සමඟ පස්කන්දක් ගස්කොළන් කඩා වැටීමෙන් බදුල්ල - කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 01 June 2023
මත් ජාවාරම්කරුවන් හතරක් අල්ලයි අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියන කාන්තාවන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ තුනක් සමග කල්පිටිය ප්‍රදේශයේ දී අද අලුයම අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය කියයි. 01 June 2023
පළාත් රැසකට තද වැසි බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 01 June 2023
ආයතන කිහිපයක් මුදල් අමාත්‍යංශය යටතට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආයතන කිහිපයක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 01 June 2023
රැකවරණය පතා සිටි සිව් හැවිරිදි දැරියකට කැත වැඩක් කරලා තුල්හිරිය ප්‍රදේශයෙන් ප්‍රදේශයේ පිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිටි අවුරුදු හතරක් වයස දැරියකට බරපතල ලිංගික අපයෝජනයකට ලක්කළේ යැයි කියන එම දිවා සුරකුම් මධ්‍යස්ථානයේ පාලිකාව ගේ 74 හැවිරිදි සැමියා වරකාපොල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 01 June 2023
කපුවා කුඩු සමග මාට්ටු බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්රවූ බොරලස්ගමුව නගරයට ආසන්න ප්‍රධාන විහාරස්ථානයකට අයත් දේවාලයක සේවය කරන කපුවකු මත්කුඩු මිලිග්රැම් 150 ක් සමග අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි. 01 June 2023
බීමතින් ගිය පාසල් සිසුහු තුනක් මාට්ටු බීමත්ව යතුරුපැදි තුනක් පදවා ගෙන යමින් සිටි බව කියන බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසලක දොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුන් තිදෙනකු ලියන්වල වත්ත ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව ලියන්වල පොලීසිය පවසයි. 31 May 2023
ඉන්ධන මිල අඩු වැඩි වේ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 15 කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 50 කින් අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා අද රාත්‍රී පැවසීය. 31 May 2023
රාජ්‍ය පොසොන් උත්සවය ගැන ජනපති කාර්යාලයෙන් නිවේදනයක් රාජ්‍ය පොසොන් උත්සවය සඳහා රජයේ දායකත්වයක් නොලැබෙන බවට විවිධ පාර්ශ්වයන් ගෙන යන චෝදනා මුළුමනින් සාවද්‍ය බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 31 May 2023
ලෝක පූජිත අජාන් බ්‍රහ්මවංශ හිමි ගුවන් යානයට අමතක වෙලා ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව සිටින බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංශ හිමියන් ඊයේ (31) අලුයම බැංකොක් නුවර බලා යෑමට කටුනායක ගුවන්තොටුපොළට වැඩම කර සිටිය ද, උන්වහන්සේ නියමිත ගුවන් යානය වෙත රැගෙන නොයාම හේතුවෙන් පැය 12කට අධික කාලයක් එහි රස්තියාදු වීමට සිදු වූ අතර, පසුව මැලේසියාව බලා පිටත්ව යන වෙනත් ගුවන් යානයකින් පිටත් කර යවා ඇත. 31 May 2023
පානදුරේ ඝාතනයක් පානදුර හොරණ මාර්ගය ප්‍රසිද්ධ ඇඟලුම් කර්මාන්තශාලාවක් ඉදිරිපිට දී පුද්ගලයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි. 31 May 2023
වක්කුඹුරට වගකීමක් බාර දෙයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පලාත් සභා හා පලාත් පාළන වැඩබලන අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පත්කර තිබේ. 31 May 2023
බෞද්ධයනට නිගාවන දේශපාලන ජවනිකාවක් ඇතැම් පාර්ශව බෞද්ධාගමට සිදුකරන නිගරු කිරීම් බලය දිනාගැනීමට සිදුකරන කුමන්ත්රණයක කොටස් බව පෙනෙන්නට ඇතැයි සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ කොළඹදී පැවසූහ. 31 May 2023
මෙරට තරුණයෝ 12ක් පුහුණුවකට ජපානයට ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යාමට නියමිත ශ්‍රී ලාංකිකයන් දොලොස් දෙනකු වෙත ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. 31 May 2023
පොසොන් එකට දුම්රියත් බරටම වැඩ පොසොන් උත්සවයට අනුරාධපුර වන්දනාවේ යන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා විශේෂ දුම්රිය සේවාවන් අනිද්දා 2 දා සිට 5 දා දක්වා ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමෙන්තුව කියයි. 31 May 2023
දුරකතන කුටිවල තැටි ගැලවූ තාක්ෂණ නිලධාරියා මාට්ටු ටෙලිකොම් සමාගමේ මාර්ගස්ථ විදුලි සන්නිවේදන කුටි විවෘත කර රුපියල් කෝටි 13 කට වඩා වටිනා විද්‍යුත් මෘදුකාංග තැටි සොරා ගැනීමේ ජාවාරමක නිරත වූ එම සමාගමේ තාක්ෂණ නිලධාරියකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 31 May 2023
විකාශන අධිකාරි නව පනත භාෂණයේ නිදහස අහිමි කරනවා ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන විකාශන අධිකාරි පනත මූලික අයිතිවාසිකමක් වන භාෂණයේ නිදහස අහිමි කරන ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සීමා කරන අසාර්ථක උත්සහයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අද (31) පැවසීය. 31 May 2023
හෙලිකොප්ටර් බලඝනය 58 වසරට පා තබයි ගුවන් හමුදාවේ “හෙලිකොප්ටර් නිමුවන්ගේ මහගෙර” ලෙස හැදින්වෙන 4 වන හෙලිකොප්ටර් බලඝනය හෙට (1) සිය 58 වන සංවත්සරය සමරන බව ගුවන් හමුදාව පවසයි. 31 May 2023
නතාෂාට ප්‍රචාරයක් දුන් බෘෘනෝ අත්අඩංගුවට නතාෂා එදිරිසුරිය බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් කළ ප්‍රහසන වැඩසටහන යු ටියුබ් නාලිකාවට ඔස්සේ අන්තර් ජාලයට මුදා හරිමින් ඇයට ආධාර අනුබල ලබා දුන් බව කියන සමාජ ක්‍රියාකාරිකයකු වු බෲනෝ දිවාකර අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 31 May 2023
විශ්‍රාමික විදුහල්පතිගේ සිරුර කළුතර බුදු මැදුරෙන් හමුවේ කළුතර බෝධි පරිශ්‍රයේ බුදුමැදුර තුළ තිබී විශ්‍රාමික විදුහල්පතිවරයකු මියගොස් සිටියදී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි. 31 May 2023
අලි වලියෙන් අලියෙක් මරුට වල් අලි තිදෙනකු පහරදී මියගිය බවට සැකකරන වල් අලියකුගෙ සිරුරක් වාලච්චේන පොලිස් වසමට අයත්, සාලම්බුචේන ගම්මානයේ බොරලු මාර්ගයක තිබී හමු වූ බව කිරාන් වනජීවී නිලධාරීන් සඳහන් කරයි, 31 May 2023
උද්දමනය පහළට කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව කොළඹ නගරබද උද්ධමනය මැයි මාසයේදී සියයට 25.2 ක් දක්වා අඩු වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දී ඇත. මැයි මස උද්ධමනය අප්‍රේල් මසට සාපේක්ෂව සියයට 10.1 කින් පහළ ගොස් තිබේ. 31 May 2023
අයි.එම්.එෆ් ලොක්කෙක් ජනපති හමුවෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 31 May 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026