(සුජිත් හේවාජුලිගේ )
ලබන මාසයේ කෙරෙන විදුලි බිල සංශෝධනයට වැට් බද්ද බලනොපාන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එසේම ඉන්ධන මිලටද වැට් බදු වල බලපෑමක් ඇති නොවන බව ඔහු සඳහන් කළේය.
වැට් බද්දේ බලපෑම කිරීම සඳහා ගත හැකි විකල්ප තීන්දු සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
මේ අතර විදුලි බිල ලබන මාසයේදී ස්ථිරයින්ම අඩු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අධික වර්ෂාව හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය වැඩි වී ඇති හෙයින් විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි ගණනක ලාභයක් ලබා ඇතැයි එම මණ්ඩලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ කයිවාරු පමණයි. ජනතාව වෙනුවෙන් කරපු දෙයක් නැහැ.