(අංජුල මහික වීරරත්න)
රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඒකාබද්ධ කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබේ.
ඒ අනුව එක සභාපතිවරයෙක් හා එක අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ මෙම පොහොර සමාගම් දෙක එක් සමාගමක් වශයෙන් කටයුතු කිරීමට නියමිතය.
සභාපතිවරුන් දෙදෙනෙක් හා අධ්‍යක්ෂ මණ්ඩල දෙකක් යටතේ ක්‍රියාත්මක වූ මෙම සමාගම් දෙක මේ වනවිට එක් සභාපතිවරයෙක් යටතට පත් කිරීමට පියවර ගත් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
එකම විෂයයක් යටතේ බෙදී පවතින ආයතන ඒකාබද්ධ කිරීම මගින් මහජන මුදල් නාස්ති වීම අවම කිරීමටත්, ඒ ඒ ආයතනවල ලාභය උපරිම කිරීම සඳහාත් මෙම ආයතන ඒකාබද්ධ කිරීම මගින් අපේක්ෂිත බව අමාත්‍යවරයා කීය.
රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ලෙස කටයුතු කරන ආචාර්ය ජගත් පෙරේරා මහතා පැවැසූයේ ඉදිරියේ දී පොහොර සමාගම් දෙක එකක් කිරීමෙන් පසු State Fertilizer Corporation යන නාමයෙන් හඳුන්වන බවයි
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආණ්ඩුවේ පොහොර සමාගම් දෙක ඒකාබද්ධ කරයි