(යොහාන් භාසුර සහ  බිමල් ශ්‍යාමන් ජයසිංහ)
‘පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ යුක්තිය’ මෙහෙයු‌මෙන් ප්‍රධානම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකුට අයත් රුපියල් කෝටි 10 කට ආසන්න දේපළ භාරයට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මෙරට ප්‍රධාන සංවිධානාත්මක අපරාධ සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස සැලකෙන කුඩු අසංක , ලඩියා සහ කුඩු ශ්‍රියානි යන පුද්ගලයන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ගන්නා ලද මුදල් සහ දේපල රැසක් නීති විරෝධී වත්කම් හෝ දේපල විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් භාරයට ගත් බවත් එම අමාත්‍යංශය කීය.
භාරයට ගත් දේපල අතර බස් රථ 3 ක්, කාර් රථ 2 ක්, යතුරුපැදි 2 ක් තෙමහල් නිවසක් ඇතුළු ඉඩම් 4 ක් සහ රත්තරන් පවුම් 50 ක් සහ මුදල් 123000 ක් වන බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.