(යොහාන් භාසුර)
නත්තල් උත්සවය ද ඇතුළත් හෙට (22) ආරම්භ වන දීර්ඝ සති අන්තය වෙනුවෙන් දුර ගමන් සේවා විශේෂ දුම්රිය ගමන් වාර කීපයක් හෙට සිට 26 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව කොළඹ කොටුව - බදුල්ල, මහනුවර - බදුල්ල සහ අනුරාධපුරය - කන්කසන්තුරය ස්ථානවලට ඉහළට සහ පහළට එම දුම්රිය ක්‍රියාත්මක වන බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය.
ඒ අනුව මෙම මස 22, 23, 25 සහ 26 යන දිනවල කොළඹ කොටුවෙන් පෙරවරු 7.30 ට ද, මෙම මස 23 සහ 25 දිනවල කොළඹ කොටුවෙන් පෙරවරු 7.30 ට ද, බදුල්ල බලා විශේෂ දුම්රිය ධාවනය වන බවත් මෙම මස 22, 24 සහ 24 දිනවල බදුල්ලේ සිට පෙරවරු පස්වරු 5.20 ට ද, මේ මස 24 සහ 26 දිනවල පෙරවරු 7.45 ට ද, කොළඹ කොටුව බලා විශේෂ දුම්රිය ද ධාවනය කිරීමට නියමිත බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය සේවයේ තරම් කිසිම ප්ලෑන් එකක් නැති ආයතනයක් මම දැකල නෑ. ගිය වසරේ මාස 7ක් විතර කොළඹ කන්කසන්තුරේ දුුම්රිය වැඩ කරේ නෑ. හේතුව අනුරාධපුර සිට වවුනියාව දක්වා දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරිම. ආයෙත් නැවත වරක් ජනවාරි සිට මාස 7ක් කොළඹ කන්කසන්තුරේ දුුම්රිය වැඩ කරනනේ නෑ. මේ පාර අනුරාධපුර සිට මහව දක්වා දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරිම. අර කාලය තුලම මේක කරානම් මොකද වෙන්නෙ. මෙම දුම්රියෙන් විශාල ප්‍රමාණයක් යාපනය පැත්තට යනවා. වියදම අඩු නිසා . ඒකෙන සමහර විට පුද්ගලික බස් වලින් ජරාවක් එනවද දන්නෙ නෑ දුම්රිය සේවයේ ඉන්න මහ අයට. අනිත් එක ජනවාරි මාසෙ ඉදන් පෙබරවාරි වෙනකම් පාසල නිවාඩු නිසා දරුවන් විශාල ප්‍රමාණයක් රට බලන්න යන්න තියෙන අවස්ථාව . ඒකයි මම කියන්නෙ මොවුන්ගේ කිසිම ප්ලෑන් එකක් නෑ කියල