
දීර්ග කාලයක් සිරගත ව සිට, නිදොස් කොට නිදහස් ලැබූ රැඳවියා බවට ඇමෙරිකන් කළු ජාතික ග්ලින් සිමෝනස් සැලකෙන බව විදෙස් මාධ්‍ය පවසයි. ග්ලින් සිමෝනස් වසර 48ක්, මාසයක් සහ දින 18ක් සිරගත ව සිටි අයෙකි.
1974 දී ඝාතනයක් සම්බන්ධයෙන් ඔහු සිරගත වී ඇති අතර, ඔක්ලහෝමා විනිසුරුවරයකු විසින් ඔහු ව නිදොස් කොට නිදහස් කර තිබේ. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 70 කි.
ඔක්ලහෝමා නගරයේ තදාසන්න ප්‍රදේශයක මත්පැන් අලෙවිසලක් කොල්ලකෑමක දී කැරොලින් සූ රොජර්ස් නමැති පුද්ගලයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ග්ලින් සිමෝනස් ට චෝදනා එල්ල වී තිබිණි. 1975 දී සිරදඩුවම් නියම වෙද්දී ඔහුගේ වයස අවුරුදු 22කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයටම ප්‍රජාතන්ත්‍රවාදය ගැන බයිලා ගහන ඇමරිකව තවමත් කළු ජාතිකයින්ට සලකන්නේ දෙවැනි පංතියේ පුරවැසියන් ලෙසටයි. තමන්ගේ ජීවිතයෙන් හොඳම කාලයෙන් අවුරුදු 48ක් නිකරුනේ සිරගෙයක සිරකර තබා සිටියේම ඔහු කළු ජාතිකයෙන් නිසා විය හැකියි.
අප්පේ ඔයා ඉන්නේ අමෙරිකාවේද? ඔබලා වගේ පරගැති වහල්ලු ඔහේටම වෙලා ඉන්න. අපි මේ දූපතේ ඉන්නම්...!