(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සමාලෝචන කමිටුව මගින් වසා දැමීමට යෝජනා කළ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය එම ආයතනය ස්ථාපිත කිරීමේ අරමුණුවලට පමණක් සීමාවන පරිදි තවදුරටත් පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.
ඊට අදාල කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
එම කැබිනට් පත්‍රිකාව අගමැති දිනේෂ් ගුණවර්ධන හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්වරුන්ගේ අත්සනින් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ලෙස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.
මෙම ආයතනය වසා දැමීමට හෝ නාගරික සංවර්ධන අධිකාරියට අනුයුත්ක කිරීමට යෝජනා කර තිබුණේ මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ රාජ්‍ය වියදම් කමිටු වාර්තාව මගිනි. අදාළ වාර්ථාව මීට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර ඒ සදහා අනුමැතිය ද හිමිව තිබුණි.
ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාව මගින් අදාළ ආයතනය තව දුරටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කරමින් මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට ඒකඟතාව පළ කර ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දය ලං වෙනකොට හැම එකාටම මොකක් හරි දොලපිදේනියක් දීලා උන්ව සතුටු කරලා චන්දයට සහාය ගන්න පිනා මාන බලනවා
ඔය කැබිනට් එකට වැඩිය හොඳ තීරණ ගන්නවා නාන පොදු ලිඳ ළඟ