සීනී බද්දෙන් කෝටි 100ක වංචාවක් ශත 25ට තිබූ සීනි බද්ද රුපියල් 50ක් කිරීමට පෙර සීනි මෙට්‍රික් ටොන් 22000ක් වෙළෙඳපොළට නිකුත් කිරිමෙන් රජයට කෝටි 100ක බදු ආදායමක් අහිමි වී ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 05 November 2023
යුක්රේන-ඊශ්‍රායල නායකයින් අතර හමුවක් ? යුක්රේනයේ සහ ඊශ්‍රායලයේ නායකයන් අතර හමුවක් පැවැත්වීමට දෙරටේ බලධාරීන් උත්සාහයක නිරත වී සිටින බව ආරංචි මාර්ග උපුටා දක්වමින් හාරෙට්ස් ඊශ්‍රායල පුවත්පත වාර්තා කර ඇත. 05 November 2023
ආයතන 5ක ලොක්කෝ මේ සතියේ මැතිසබයට දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමසීම සඳහා ආයතන පහක ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) හමුවට මේ සතියේ කැදවෙති. 05 November 2023
ටී10 ක්‍රිකට් තරගාවලියේ වෙන්දේසියත් කල්දමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ටී10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ මස 24 වැනිදා දක්වා කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වේ. 05 November 2023
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් පලස්තීන ජනපති හමුවෙයි පෙර දැනුම්දීමකින් තොරව, කවුරුත් පුදුමයට පත් කරමින්, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පලස්තීනයට අයත් බටහිර ඉවුරට ගොස්, පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් හමුවිය. 05 November 2023
ඊශ්‍රායල අගමැතිගේ නිවස වට කරලා විරෝධයක් ගාසා තීරයට දිගින් දිගටම පහර දීමෙන්, පලස්තීන සිවිල් වැසියන් පමණක් නොව, හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන්ගේ ද ජීවිත අනතුරට පත්වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට විරෝධයක් එල්ල වෙමින් පවතී. 05 November 2023
මිතුරාට ඇප දෙන්න බීමතින් ඇවිත් පොලිස් නිලධාරියෙක්ට ගහලා මහනුවර මූලස්ථාන පොලිසියේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට පහරදුන් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ . 05 November 2023
ගං වතුරෙන් කැඩුණු බෝක්කුවට තිදරුපියා බිලි උඩප්පුව ප්‍රදේශයෙ තිදරු පියකු රැකියාව අවසන්ව මහ වැස්සේ නිවසට ගමන් කරමින් සිටියදී ගංවතුරට කැඩි ගිය බෝක්කුවකින් වැටි ජලයෙ ගසා ගෙන ගොස් මරණයට පත්ව ඇති බව උඩප්පුව පොලිසිය කියයි. 05 November 2023
ජර්මනියේ හැම්බර්ග් ගුවන්තොටුපොළ වහයි තම දරුවන් ප්‍රාණ ඇපයට ගත් පියෙකු හේතුවෙන් ජර්මනියේ හැම්බර්ග් ගුවන් තොටුපොළ වසා දැමීමට ගුවන් තොටුපොළ බලධාරීන් කටයුතු කර ඇත.ඒ හේතුවෙන් ගුවන් ගමන් වාර 27කට පමණ බලපෑම් එල්ල වූ බව ගුවන් තොටුපොළ බලධාරීන් පැවසුවේය. 05 November 2023
උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටෙයි උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ හා වටගොඩ දූම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී දූම්රිය මාර්ගයට අද (05) දහවල් පස් කන්දක් කඩා වැටීමෙන් දූම්රිය ධාවනයට බාධා එල්ලවී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 05 November 2023
සෞඛ්‍යය ලොක්කියක් මෙහෙ ඉඳන් විදේශ පුහුණු දීමනාවක් අරගෙන කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස සේවය කළ නිලධාරිනිය 2019 වසරේ දී සිංගප්පූරුවේ විදේශ පුහුණුවක් සඳහා නිවාඩු අනුමත කරගෙන ඇතත් මාස අටක කාලයක් මෙරට රැඳී සිටිමින් එම විදේශ පුහුණු දීමනාව ලබාගෙන ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් පත් කෙරුණු අනුකාරක සභාවේදී තොරතුරු අනාවරණයවිය. 05 November 2023
තියුණු ආයුධවලින් පිය-පුතුට පහරදුන් දෙකක් අල්ලයි අටුලුගම මාරාව ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ රැගෙන කඩා වැදී පිය පුතු දෙපළකට පහර දී පලා ගොස් සිටි මැර පිරිසෙන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි 05 November 2023
අපි උදව් කරන්නේ කයිය නොගහන නායකයකුට පසුගිය අයවැයට වඩා වෙනස් විකල්ප අයවැයක් මෙවර ඉදිරිපත් කරන බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 05 November 2023
පලස්තීනයේ සිටි ලාංකිකයෝ 11ක් එති පලස්තීනයේ ගාසා තීරයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු අද (05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය . 05 November 2023
පොහොට්ටුවෙන් ජනපතිට ඉල්ලීම් හතරක් වහාම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ ඉල්ලීම් හතරක් ඉදිරිපත් කරනු ලැබ ඇත. 05 November 2023
කෝවිලේ සිටි ගවයින් 15 ක් සොරකම් කරලා කයිට්ස් කරෙයිනගර් ශිවන් කෝවිල් භූමියේ බැඳ සිටියේ ගවයන් 15 දෙනෙකු සහ එහි වූ වතුර ටැංකි දෙකක් දෙකක් සොරාගෙන ගොස් සිටි සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව කයිට්ස් පොලසිය පවසයි. 05 November 2023
පස් කන්දට යටවී දෙදරු මව මරුට තෙල්දෙණිය ප්‍රදේශයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව සමඟ රඹුක්වැල්ල සියඹලාගස්තැන්න ප්‍රදේශයේ කුඩා වෙළඳ සලක් මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම වෙළෙඳ සැල තුළ සිටි 36 හැවිරිදි දෙදරු මවක් මියගොස් ඇති බව තෙල්දෙණිය පොලිසිය කියයි . 05 November 2023
දෙපා ගැටගැසූ මළ සිරුරක් ඇල මෝදර ඇලේ පහරදී ඝාතනය කළ බවට සැක දෙපා ගැටගසා තිබූ පුද්ගල මළසිරුරක් ඇලමෝදර කැපූ ඇලේ පවෙමින් තිබියදී අද පෙරවරුවේ හමුව ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි . 05 November 2023
යුක්රේනයට අවදානය අඩුවෙලා ඊශ්‍රායල හමාස් ගැටුම් හේතුවෙන් යුක්රේනයට ලෝක අවධානය අඩුවී ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 05 November 2023
විහාරමහාදේවී උයන කොළඹ නගර සභාවට පවරයි කොළඹ විහාරමහා දේවී උද්‍යානය නැවත කොළඹ මහ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය. 05 November 2023
වායු දූෂණය වැඩිම නවදිල්ලියේ මේ වනවිට ලොව වායු දූෂණය වැඩිම නගරය බවට නවදිල්ලි අගනුවර පත් වී තිබේ. 05 November 2023
නේපාලයට තවත් භූමි කම්පාවක් නේපාලයේ තවත් භූමි කම්පාවක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. භූමි කම්පාව හටගත්තේ අද (5) අලුයම් කාලයේය. 05 November 2023
වන සත්තු වසරකට බිලියන 20ක් කාබාසිනියා කරති වන සතුන්ගෙන් වන වගා හානි නිසා වසරකට රුපියල් බිලියන 17-20ත් අතර පාඩුවක් වන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය කළ සමීක්ෂණයකින් අනාවරණය වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 05 November 2023
විදුලි සැර වැදී අයෙක් මරුට අධි බලැති විදුලි පහනක් සවිකිරීමට ගිය පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ 28 හැවිරිදි පුද්ගලයෙකුට විදුලි සැර වැදී මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. 05 November 2023
කඩදාසි බෝට්ටුවෙන් ආ මාරයා සිඟිතිය රැගෙන යයි මදුරන්කුලිය ප්‍රදේශයෙ කුඩා දැරියක දිය පහරකට ගසා ගෙන ගොස් කැළැ රෝදක සිරවි සිටියදී මව හා ප්‍රදේශවාසින් විසින් සොයා ගෙන පුත්තලම මූලික රෝහලට ඇතුලත් කරන විටත් මරණයට පත්ව සිටි බව මදුරන්කුලිය පොලිසිය කියයි. 05 November 2023
වී අස්වනු දෙගුණ කරන්න ජනාධිපතිගෙන් උපදෙස් ඉදිරි වගා කන්න හය ඇතුලත මෙරට වී අස්වැන්න දෙගුණයකින් ඉහල දැමීමට වැඩ සටහන් ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය. 05 November 2023
ගල් කුට්ටියක් පෙරැලී දුම්රිය නිලධාරීන් 5ක් රෝහලේ උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල සහ කිණිගම දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු වල නිරතව සිටි දුම්රිය නිලධාරීන් පිරිසක් මතට දුම්රිය මාර්ගයට ඉහලින් පිහිටි ගල්කුට්ටි කීපයක් හදිසියේ කඩා වැටීමෙන් ඊට යටවු බණ්ඩාරවෙල දුම්රිය මාර්ග කොට්ඨාසයේ දුම්රිය නිලධාරීන් පස්දෙනෙකු බණ්ඩාරවෙල නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 05 November 2023
හෙරොයින් සමඟ බන්ධනාගාර නියාමක මාට්ටු හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි බව කියන බන්ධනාගාර නියාමකවරයෙකු මහනුවර නගරයේ පිහිටි දිගන බස් නැවතුම්පොළේ රැඳී සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය පවසයි. 05 November 2023
පළාත් රැසකට අදත් වැස්ස දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2 00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 November 2023
මුහුදේ ගිලි තරුණයෙක් මරුට:තවත් තරුණයකු අතුරුදන් ගාල්ල හබරාදුව දළවැල්ලේ ෙහෝටලයක් පිටුපස වෙරළ තීරයේ දිය නාමින් සිටි තරුණයන් තිදෙනකු රළ පහරකට හසුව දියේ ගිලීමට ලක්ව ඇතැයි පොලිසිය කියයි. 04 November 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026