
(ඉන්දික අරුණ කුමාර)
මධ්‍යම කඳුකරයේ ඉහළ ජලාධාර ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු දෙකක් අද විවෘත කළ බව ජලාශයේ කාර්යභාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර මහතා පැවැසීය.
එම වාන්දොරුටු දෙකෙන් තත්පරයට ගණ අඩි 4000 ක ජලධාරාවක් මොරගහකන්ද ජලාශයේ ජලය ඇළහැර අමුණ දෙසට මුදාහැරේ.
මීට අමතරව අඹන්ගගේ ඉහල ජලාධාර කලාපයේ පිහිටා ඇති බෝවතැන්න ජලාශයේ ජලයෙන් විදුලිය නිෂ්පාදනය කර මුදාහැරෙන ජලයද මොරගහකන්ද ජලාශයට එකතුවන බැවින් ඊයේ (20) පස්වරුව වන විටත් වාන් දොරටු දෙකක ජලය මුදා හැරීම සිදුවෙමින් පැවතිණි.
මේ අතර පාරේ ඉංජිනේරු පී.එස්. බණ්ඩාර මහතා කියා සිටියේ තවදුරටත් වැසි පැවතිය හොත් මොරගහකන්ද ජලාශයේ ජලය මුදා හැරීම තවදුරටත් සිදුවිය හැකි බවයි.
මේ අතර බෝවතැන්න ජලාශයේ ජලයද අද අලුයම් කාලයේ(20) සිට දොරටු පහක් ඔස්සේ අඹන් ගඟට ජලය මුදාහැරුණද පස්වරු එකට පමණ බෝවතැන්න ජලාශයේ වාදොරටු වසා දමන බවද පි.එස්.බණ්ඩාර මහතා කියා සිටියේ.
ඒ හේතුවෙන් නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මොරගොල්ල, ඕපල්ගල, සේනාගම, නාලියකනත්ත, බාරේකොටුව ආදී ගම්මාන රැසක ජිවත් වන පන්දහසක පමණ පිරිස් හට දෛනික කටයුතු වලට බාධා එල්ල විය.

2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මොරගහකන්ද වාන් ඇරේ
නිලන්දෙනිය Thursday, 21 December 2023 12:30 AM
මොනවටද ඕවා අරින්නේ. වැහි නැතිකාලෙට ගන්න තියාගත්තනම් ඉවරයි නේ. හැමදාම ඔයවගේ වහින්නේ නෑනේ.