
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලාංකේය රංග කලා ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට නිර්මාණවලින් සුපෝෂණය කළ කලාකරුවන් හා ශිල්පීන් ඇගයීමට ලක් කෙරෙන රාජ්‍ය නාට්‍ය උළෙල - 2022 සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා රඟහලේ දී පැවැත්විණි.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව 50 වැනි වරට රාජ්‍ය නාට්‍ය උළෙල - 2022 සම්මාන ප්‍රදානොත්ස්වය සංවිධාන කර තිබිණි.
ශ්‍රී ලාංකීය නාට්‍ය කලාව උදෙසා කරන ලද සුවිශේෂ මෙහෙවර වෙනුවෙන් එම්. එම්. එම්. රාවුෆ් සහ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහත්වරුන්ට මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සම්මාන පිරිනැමිණ.
ජාත්‍යන්තර වශයෙන් නාට්‍ය කලාවට කරන ලද සේවය වෙනුවෙන් හිරාන් අබේසේකර , එම්. සෆීර්, සුජීව පතිනිසේකර, බී. ඒ සුබුද්ධි ලක්මාලි සහ දේශීය නාට්‍ය කලාවේ උන්නතිය උදෙසා සිදු කරන ලද සේවාව උදෙසා නාලන් මෙන්ඩිස් මහත්ම මහත්මීන් වෙනුවෙන් ද මෙහිදී සම්මාන පිරිනැමිණ.
ස්වර්ණ ජයන්ති රාජ්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන් සමරු මුද්දරයක් එළිදැක්වීමද එහිදී සිදු කෙරිණි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් වගේ කෙනෙකුගෙන් ගන්න සම්මානයක වටිනාකමක් නැහැ... ලැජ්ජයි...!
පිනට ලැබුණු පුටුවෙන් උපරිම ආතල් ගන්නවා වගේ...
මේවාට කෘතගුණ ලෙස නරිලට ජන්දය එහෙම දෙන්නේ නෑ හරිය ?
මම දැන් හරි පොරක් රටේ... මම රනිල්ට හොම්බෙන් යන්න දුන්නා... මම හෙට සිට ජෙප්පන්ගේ ස්ටේජ් එකට නගිනවා.. මීට නිරිඇල්ල...