IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


නව කොරෝනා ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන්

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් පළමු වරට හඳුනාගත් ‘ජේ.එන්.1’ නමැති නව කොරෝනා වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මේ වනවිට කේරළ ප්‍රාන්තයේ පමණක් නොව, සිංගප්පූරුවේ ද ‘කොවිඞ් 19’ ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙනනුම් කරන්නේ මෙම ‘ජේ.එන්.1’ වයිරසය ව්‍යාප්ත වන බැවිනි.

‘ජේ.එන්.1’ යනු ‘කොවිඞ් 19 ඔමික්‍රෝන්’ වයිරස ප්‍රභේදයේ ‘බී.ඒ.2.86’ නමැති උප ප්‍රභේදය විකෘති වී නිර්මාණය වූ ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වන ආකාරයේ වයිරසයකි.

‘බය වෙන්න හේතුවක් නැහැ. කලබල වීමක් අවශ්‍ය නැහැ. ජේ.එන්.1 වයිරසය වේගයෙන් ව්‍යාප්ත වෙනවා. මෙම වයිරසය මහජන සෞඛ්‍යයට තර්ජනයක් වෙලා. ඒ ගැන අවධානයෙන් පසුවීම වැදගත්. මුව ආවරණ පැලඳීම සහ යහපත් සෞඛ්‍ය පුරුදු දිගටම පවත්වාගෙන යෑම මගින් මෙයින් ආරක්ෂා විය හැකියි’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ.

මේ වනවිට ඇමෙරිකාවේ ද ‘කොවිඞ් 19’ ආසාදිතයන්ගේ වැඩිවීමක් දකින්න ලැබේ. ඊට හේතුව ද ‘ජේ.එන්.1’ වයිරස ප්‍රභේදය යැයි එරට ‘වසංගත රෝග පාලනය සහ ව්‍යාප්තිය වැළැක්වීමේ මධ්‍යස්ථානය’ පවසා ඇත.



අදහස් (0)

නව කොරෝනා ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 18 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1534 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1672 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site