සමරිසි පුද්ගලයන්ට ආශිර්වාද කිරීමට, කතෝලික පූජකවරුන්ට නිල වශයෙන් අවසර දීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තීරණය කර තිබේ.
දෙවියන් වහන්සේ සියලු දෙනා එක හා සමානව පිළිගන්නා බව පෙන්නුම් කිරීම ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අරමුණ වී ඇතැයි ද පැවැසෙයි.
පාප්තුමන්ගේ මෙම ක්‍රියාව, ලොව සමරිසි ප්‍රජාව වෙනුවෙන් ගත් වැදගත්ම ඉදිරි පියවරක් යැයි වතිකානය පවසයි.
එසේ වුවත්, සමරිසි යුවළ සඳහා ආශිර්වාද කිරීමේ දී ඇතැම් කොන්දේසිවලට යටත් වීමට පූජකවරුන්ට සිදුවනු ඇතැයි ද වතිකානය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන් වහන්සේ ඉදිරියේ සියලු දෙනා එක හා සමාන නම් ඇයි මීට කලින් වෙනස් කොට සැලකුවේ...? පිළිකුල් කළේ, දඬුවම් කළේ? පොෂ් වුනේ නැත්නම් අනුගාමිකයෝ අඩුවෙනවා නේද? හිත හොඳින් කරන ආශිර්වාදයට මොන කොන්දේසිද අනේ..! මෙවැනි යල්පැනගිය, බුද්ධි ගෝචර නොවන මතවාදයන් කුමට කරපින්නාගෙන යනවාද?
ලංකාවෙත් ඉතිං මේ ජනාධිපතිගේත් නිල නොවන ආර්යාවගේ පිහිටෙනුත් දැන්මම මෙම අයිතීන් ලබා ගත්තේ නැත්නම් ආයේ ඉල්ලනවා බොරු…
කතෝලික පල්ලිය තරම් විවෘත හා දියුණු මනසක් ලංකාවේ ආගමික නායකයින්ටත් ඇතිකර ගතහැකි නම් ලංකාවේ බොහෝ වාර්ගික හා ආගමික ගැටුම් සමනය කර ගන්නත් එමගින් ජාතිකත්වයන් අතර සහජීවනය ඉහළට ඔසවන්නත් හැකිවෙනවා පමණක් නොව අවස්ථාවාදී ජාතිවාදි දේශපාලනය රටින් තුරන් කිරීමටත් මග පෑදෙනු ඇත.
ෂාහ් අපරාදේ දෙවියෝ ඊවා කෙනෙක් මැව්වේ . ආදම්ලා දෙන්නෙක් මව්වානම් ඉවරයිනේ.