IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නීතිපති දෙපාර්තමේන්තුවටත් කෝටි තිහක පොල්ලක්

(සුජිත් හේවාජුලිගේ )

නීතිපති දෙපාර්තමේන්තුව  රුපියල් කෝටි තිහකට වැඩි හිඟ ආදායමක් ( 2022 වර්ෂයේ  දෙසැම්බර් මස 31 වනවිට) අයකරගැනීම පැහැර හැර ඇතැයි   ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

මෙම ආදායම් අය කර ගැනීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවද  එම වාර්තාවේ දැක්වේ.

මේ අනුව හිඟ ආදායම් ලෙස  රුපියල් කෝටි නවයකට වැඩි මුදලක් වසර දහයකට වැඩි කාලයක් තිස්සේද  කෝටි හතරකට වැඩි මුදලක් වසර 7සිට 9 දක්වා කාලයක් තිස්සේද  කෝටි තුනකට වැඩි මුදලක් වර්ෂ 4 සිට 6 දක්වා කාලයක් තිස්සේද   කෝටි හතකට ආසන්න මුදලක්වර්ෂ 1 සිට 3   දක්වා කාලයක් තිස්සේද  මෙලෙස  අයකරගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර නීතිපති දෙපාර්තමේන්තුව රාජ්‍ය සංස්ථා මණ්ඩල පළාත් සභා සහ බැංකු යනාදී ආයතන  13 කින්  2005  වර්ෂයේ සිට  2022 වර්ෂය දක්වා අඛණ්ඩව කෝටි දාහතක හිඟ ආදායමක් අය කරගෙන නොතිබූ බව එම වාර්තාව සඳහන් කරයි.

මෙම හිඟ මුදල් සම්බන්ධයෙන් අප්‍රමාදව නීති ප්‍රකාරව කටයුතු කරන ලෙසත් නීති මාර්ගයෙන් හෝ හිඟ මුදල් අයකර ගත නොහැකි නම් දීර්ඝ කාලීන හිඟ මුදල් භාණ්ඩාගාරයේ එකඟතාව මත කපා හැරීමට අප්‍රමාදව කටයුතු කරන ලෙසත් විගණන අංශ නිර්දේශ කර ඇත.

මේ අතර දෙපාර්තමේන්තුව කුලී පදනමට ලබාගෙන තිබූ ගොඩනැගිල්ලක් සහ දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිල්ල සඳහා 2022 ජනවාරි සිට මාර්තු දක්වා විදුලි බිල් පත් ගෙවීමේදී මාසික විදුලි පාරිභෝජන වියදමට අමතරව ලක්ෂ ගණනක පොලී මුදලක්ද සහිතව බිල්පත් සඳහා ගෙවීම් කිරීමෙන් රජයට මූල්‍ය අවාසියක් සිදුවී තිබූ බව එම වාර්තාව පෙන්වා දෙයි.

මෙම තොරතුරු සඳහන් වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (2)

නීතිපති දෙපාර්තමේන්තුවටත් කෝටි තිහක පොල්ලක්

vernon Wednesday, 20 December 2023 04:34 PM

විදුලි බිල වැඩි පුර ගෙව්වාම රජයට පාඩු වෙලා විදුලි බල ඹන්ඩලයට වාසි වෙනවා කියලද මෙයාලා කියන්නේ? එතකොට මණ්ඩලේ රජයේ නෙවෙයිද?

:       0       1

සමන් විමල් Thursday, 21 December 2023 02:19 PM

මෝඩ කතා කියන්න එපා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site