IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


එක්ස්ප්‍රස් පර්ල් විද්වත් කමිටුව කොට උඩ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

එක්ස්ප්‍රස් පර්ල්  නෞකා අනතුරට අදාළ වන්දි අය කර ගැනීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු විද්වත් කමිටුව අක්‍රියවීම හේතුවෙන් මේ වර්ෂය සඳහා වන්දි ගණන වාර්තාවක් ලබා ගැනීමේ  කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණවී ඇතැයි පරිසර ස්වභාවික සම්පත් සහ  තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී  තොරතුරු අනාවරණයවී ඇත.

මේ අතර මෙරට විද්වත් කමිටුවට ගෙවීම් කිරීම සඳහා අනුමැතිය නොදීම සහ විදේශීය විද්වත් කමිටුවට ගෙවීම සඳහා ඩොලර් මිලියන 9.5 ක මුදලක් ණය වශයෙන් ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දීම අසාධාරණ හෙයින් ඒ  සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන්  ඉල්ලා සිටීමට තීරණය කළ බව  කමිටුවේ සභාපති ගම්පහ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී  ඉන්ජිනේරු  අජිත් මාන්නප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

විද්වත් කමිටුව දුන් වාර්තාව නඩුව සඳහා අදාළ කර ගැනීම සහ  අලුතින් සේවය ලබාගන්නා ස්වාධීන ඇගයීම් කමිටුව පිළිබඳව මීපා ආයතනය මෙතෙක් දැනුවත් කර නැතැයිද   මාන්නප්පෙරුම  මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මීපා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා  පැවසුවේ විද්වත් කමිටුව ඉදිරිපත් කළ වන්දි තක්සේරු වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව නඩුව සඳහා යොදා ගන්නේ නම් ඒ  සඳහා අවශ්‍ය සාක්ෂි ලබාදීම සඳහා යෑමේදී අදාළ ප්‍රවාහන ගාස්තු අධිකරණ අමාත්‍යාංශය ගෙවිය යුතු බවයි.

එහෙත් අධිකරණ අමාත්‍යාංශය ඊට එකඟ නොවූ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

ආයතනය ලෙස ඒ සඳහා වියදමක් දරා එම මුදල නැවත අයකර ගැනීමට නොහැකි වුවහොත් විගණන විමසුම්වලට පිළිතුරු දීමට සිදුවන හෙයින් විද්වත් කමිටුවට පත්වීම්  නොදුන් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ විද්වත් කමිටුවේ සම සභාපති මහාචාර්ය අජිත් ද අල්විස් මහතා පැවසුවේ තමාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අදාළ විශ්ව විද්‍යාලවලින් විමසීමක් කර ඇති බවයි.තමා ඇතුළු විද්වත් කමිටු සාමාජිකයන් එම කොමිෂන්  සභාවට සාක්ෂි  දුන් බවද ඔහු සඳහන් කළේය.  මීපා ආයතනය මෙහිදී පැවසුවේ විද්වත් කමිටුවට සාමාජිකයන් දෙදෙනකු පත් කිරීම සහ ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව අල්ලස් හෝ  දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් විමසීමක් කළ බවයි.

මේ වසර සඳහා ආර්ථිකමය ඇගයීම් කොටසක් කර තිබුණද මෙම ඇගයීම් වාර්තාව ලබාදීමට හැකියාවක් නැති බවත් ප්‍රංශයේ සෙඩ්‍රයාර් ආයතනයේ පරීක්ෂණ සඳහා යැවීමට ලබාගත් සාම්පල් මෙතෙක් යවා නොමැති බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කළේය. එම සාම්පලවල ගුණාත්මක බවක්  මේ වන විට නැති බවද ඔහු කීවේය.

පර්යේෂණ මධ්‍යස්ථානයට  සාම්පල් යවා දත්ත ගැනීමකින් තොරව පරිසර ඇගයීම් වාර්තාවක් ලබාදීම ගැටලුවක් බව  විද්වත් කමිටු  සම සභාපති පැවසුවේය.

පරිසර ඇගයීම් කළ යුතු අවස්ථා තිස්පහෙන් අටක් සම්බන්ධයෙන් පමණක් ඔවුන් ඇගයීම්  කර ඇති බවත් එය අසම්පූර්ණ බවත් විද්වත් කමිටුව නීතිපතිවරයාට දැනුම්දී ඇතැයි කමිටුවේදී තොරතුරු අනාවරණය විය.

මේ අතරමෙහිදී අදහස් දැක්වූ නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ විදේශීය විද්වත් කමිටුවකට ගෙවීමට ඩොලර් මිලියන 9.5ක ණය මුදලක් ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමත කර තිබුණද දේශීය විද්වත් කමිටුව කළ පර්යේෂණ සඳහා ගෙවීමට අමාත්‍ය මණ්ඩලය නිසි අනුමැතියක් දී නොමැති බවයි.

මෙරට විද්වත් කමිටුවට ගෙවීම් කිරීම සඳහා අනුමැතිය නොදීම සහ විදේශීය විද්වත් කමිටුවට ගෙවීම සඳහා ඩොලර් මිලියන 9.5 ක මුදලක් ණය වශයෙන් ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදීම අසාධාරණ හෙයින් මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට  කමිටුව නිර්දේශ කළේය.

එක්ස්ප්‍රස් පර්ල්  නෞකා අනතුරට අදාළ වන්දි අය කර ගැනීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම  මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

 



අදහස් (5)

එක්ස්ප්‍රස් පර්ල් විද්වත් කමිටුව කොට උඩ

රංබොඩ Wednesday, 20 December 2023 06:06 PM

අන්තිමට ණයට අරන් ඩොලර් මිලිියන ගණන් ⁣එයාලට මෙයාලට ගෙවලා කල් වර වරා ඉඳලා වැඩේ යට යනවා රක්ෂණ වන්දි ගන්න සීමිත කාලයයි තියෙන්නේ . මේවා මෙහෙමයි වෙන්නෙ

:       0       1

වීර Wednesday, 20 December 2023 06:25 PM

මේ නම් මතක තියාගනිල්ලා ෙඩාලර් බිලියන ගාණක වන්දියක් නැති කරනවා ලංකාවෙ ණය අර්බුධයෙන් ගොඩ ඒන්න පුලුව්න ලොකුම අවස්ථාව නැති කරනවා. මේව වල සාපය උබලගෙ දරුවන්ටත් වදිනවා...

:       0       1

සමන් Wednesday, 20 December 2023 07:05 PM

සොබාදහමෙන් හොරාකාපු උන්ටයි උන්ගෙ පව්ල්වල උන්ටයි දඩුවම් ලැබෙයි!

:       0       2

Prabha Wednesday, 20 December 2023 07:33 PM

තම තමන්ගේ මලු පිරුනා නම් මොන පරීක්ෂණද ?

:       0       2

Aruna Manipura Thursday, 21 December 2023 06:20 AM

නිලධාරිවාදය සහ රජයේ ස්වභාවය කදිමට පෙන්වීමට උදාහරණයක්. අශ්වයා පැනගිය පසු ඉස්තාලය වස දාන්න වේවි. ලැබෙන වන්දියකුත් නෑ කෙරෙන වැඩකුත් නෑ . හැබිය් නිලධාරීන්ගෙන් අඩුවකුත් නෑ. අර වාසු මන්ත්‍රීතුමා නම් කිව්වා පරිසර හානි වුනාට සල්ලි හම්බවෙනවා කියල! 2048 දී සංවර්දිත රටක්!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site