IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘බහුකාර්ය සහයක’ සේවිකාවට ‘පුස්තකාල සහයක’ පත්වීමක් දීලා

(යොහාන් භාසුර)

බහුකාර්ය සහයක පත්වීමක් ලබා විවිධ රාජ්‍ය ආයතනවල කම්කරු රාජකාරිවල නිරතව සිටි සේවිකාවකට බස්නාහිර පළාත් සභාව පානදුර මහජන පුස්තකාලයේ ‘පුස්තකාල සහයක’ පත්වීමක් දී ඇතැයි පානදුර නගර සභා සේවකයෝ චෝදනා කරති.

පානදුර නගර සභාව යටතේ පාලනය වන පානදුර මහජන පුස්තකාලයේ කම්කරු පත්වීම් ලබා වසර ගණනාවක් සේවය කරන සේවකයන් සිටියදී එවැනි පත්වීමකට මූලික සුදුසුකම් හෝ නොමැතිව තැනැත්තියක් ‘පුස්තකාල සහයක’ තනතුරට පත්කිරීම නීති විරෝධී බවත් සේවකයන් ලෙස අදාල පත්වීමට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් එම නගර සභා සේවකයෝ කියති.

මෙම පත්කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පුස්තකාල සංගමය දැනුවත් කිරීමට ද මේ වන විටත් පියවර ගෙන ඇති බවත් එවැනි පත්වීම් නොකරන ලෙස එම සංගමය මේ වන විටත් ලිඛිතව දැනුම්දී ඇතැයි පවසූ බවත් එම සේවකයෝ සඳහන් කරති.  

වර්තමාන ආණ්ඩුවේ රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බහුකාර්ය සහයක පත්වීමක් ලබා පානදුර පොලිසිය සහ පානදුර නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතන කීපයක සේයක කරමින් සිටි අදාල සේවිකාවට ‘පුස්තකාල සහයක’ පත්වීමක් දීමට පළාත් සභාවට කිසිඳු බලයක් නොමැති බවත් නගර සභා සේවකයෝ වැඩි දුරටත් සඳහන් කරති.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ ‘පුස්තකාල සහයක’ යනු කම්කරු පත්වීමක් බවත් පළාත් සභාවට බහුකාර්ය සහයක පත්වීම් ලැබූවෙක් ‘පුස්තකාල සහයක’ ලෙස පත්කළ හැකි යැයි වගකීමෙන් කියන බවත්ය. 



අදහස් (6)

‘බහුකාර්ය සහයක’ සේවිකාවට ‘පුස්තකාල සහයක’ පත්වීමක් දීලා

pakeer Wednesday, 20 December 2023 04:06 PM

එතකොට උම්බල ඔය උම්බලව පාලනය කරන්න පත් කරන්නෙ, හොඳ උගත් එවුන්වද? අනේ නිකන් පලයල්ල බන් යන්න.

:       0       1

ravin Wednesday, 20 December 2023 04:40 PM

ඒගොල්ලෝ කියනවා අපි අහනවා

:       0       0

අරවින්ද මොනරවිල Wednesday, 20 December 2023 06:37 PM

අවුලක් නැහැනේ තනතුරේ හැටියට, බහු කාර්‍ය් නම් ඕනම වැඩක් කරන්න පුළුවන් වෙන්න ඕන. නාගරික කොමසාරිස් නැති වෙලාවට ඒ තනතුරේ උනත් වැඩ කරන්න පුළුවන් බලසම්පන්න තනතුරු නාමයක්නේ තියෙන්නේ.

:       0       2

K D SUJEEWA Thursday, 21 December 2023 07:55 AM

වෙන දෙපාර්තමේන්තුව කට මාරුවක් ඉල්ලන්න ලමයො කම්කරුවන් ට මිනිස්සුන්ට වගේ සලකන දෙපාර්තමේන්තු තියෙනව

:       0       0

Anura Thursday, 21 December 2023 08:05 AM

නියම වැඩක්!

:       0       0

Bamunuarachchi Thursday, 21 December 2023 08:23 AM

මේක මහා පුදුම කතාවක් සෞදි අරාබියේ ඔයිල් මිනිස්ටේර් අල් නයීම් මහතා අරම්කො , එතකොට සව්දිඅරම්කො නොවෙයි, ආයතනට බඳුනේ කොෆී බෝයි හැටියට. එතුමා අරම්කෝ සභාපති උනා ඊට පසු සව්දි ඔයිල් මිනිස්ටර් උනා. එතුමා අරම්කො සභාපති කමින් ඉවත්වී ඔයිල් මිනිස්ටර්වෙලා යන විට හෙලෝ කියලා අතට අත්දීමේ වාසනාව මටත් ලැබුනා. මේ තැන්තතියට සුදුසුකම් තිබෙනවානම් දක්ෂ කම තිබෙනවානම් උසස්වීම් ලැබෙනවාට ඊර්ෂා කරන්නේ ඇයි. සිංහලයාගේ පරිහානියට එක හේතුවක් ඒක. ඒ ඊර්ශාවේ ප්‍රතිපලය තමයි අපිව වඩුගයන් පාලනය කිරීම. සිංහල ජාතියේ වැරැද්ද.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site