IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ආබාධිතයන් වෙනුවෙන් කොමිසමක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආබාධිත තැනැත්තන් වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා  රජයෙන් ඉල්ලීමක් කිරීමට  මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු   ආබාධිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය තීරණය කර ඇත.

යෝජිත මෙම නව පනත් කෙටුම්පත පිළිබඳව ජනාධිපතිවරයා සහ  අධිකරණ අමාත්‍යවරයා සමග  සාකච්ඡා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව  ඩලස් අලහප්පෙරුම  මහතා ප්‍රකාශ කළේය.

ආබාධිත තැනැත්තන් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ නායකත්වයෙන් යුතු ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම වැදගත් බව ආබාධිත සහිත තැනැත්තන් සඳහා වන ඒකාබද්ධ පෙරමුණ නියෝජනය කරමින් පැමිණි පිරිස එම සංසදයට පෙන්වා දුන්හ.

මේ අතර ආබාධිත තැනැත්තන් වෙනුවෙන් සාමාන්‍ය රියදුරු බලපත්‍රය ලබාදීමට මේ මාසයේ සිට අවසර ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම  මහතා ප්‍රකාශ කළේය .



අදහස් (1)

ආබාධිතයන් වෙනුවෙන් කොමිසමක්

ලලිත් අම්බලන්ගොඩ Wednesday, 20 December 2023 03:36 PM

තියෙන කොමිෂන් සභා ටික නඩත්තු කරන්නත් කීයක් වැය වෙනවාද..? දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කට්ටියට තීරුබදු රහිත වාහන..., සභාපතිට විතරක් මාසයකට වැයවන මහජන මුදල ලක්ෂ එකහමාරකට වැඩියි. එතකොට අනික් අයට... අනික ආණ්ඩුකාරයාගේ එකම උපදේශකත් රාජ්‍ය සේවා කොමිෂමේ ඉන්නවා. මේවා හම්බ කරන්නම තියෙන කොමිෂන්. ඒ මදිවාටද නැතිබැරි ආබාධිත එකත් බිල්ලට දීලා තව තවත් කොමිෂන් දාන්නේ. ඩලස් මහත්තයා ඔයා මාව පුද්ගලිකව දන්නවානේ. මේ අපරාධ වැඩවලට හවුල් වෙන්න එපා. ආබාධිතයෙක් කිව්වාම ඇස් දෙකට පේනවානේ. ඉතිං ඒ මිනිස්සුන්ට තියෙන විදියට උදව් කරනවා මිසක්... මොකටද තවත් පිරිසකට හම්බකර ගන්න කොමිෂන් දාන්නේ. ඕවා වෙන වෙනත් අරමුණු වලින් කරන වැඩ. මේ රටේ තියෙන එකම එක වැදගත් විශ්වාසවන්ත කොමිසම තමයි තොරතුරු කොමිෂන් සභාව. වෙන එකක්වත් කොමිෂන් සභා වැඩක් නැහැ. කොමිෂන් සභාවලින් නියමිත හා අපේක්ෂිත අරමුණු ඉටු වෙන්නේ නැත්නම් තවත් කොමිෂන් මොකටද? තියෙන කොමිෂනුත් විසුරුවා හරින්න ඕනෑ වෙලාවේ... ඔයා තවතව ඒවා කියලා පිස්සු නටන්න ලැහැස්ති වෙන්න එපා. මේවායි බර අදින්න වෙන්නේ.. අපි වැනි අහිංසක ජනතාවට. තොරතුරු කොමිසම හැර අනික් කොමිෂන් සියල්ල විසුරුවා හැරීමට යෝජනා කරන්න...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site