(සුජිත් හේවාජුලිගේ )
බලවතුන්ගේ දුරකතන ඇමතුම්වලට යටවී ලොකු කුඩුකාරයන් නිදහස් කිරීමට තමා ඇමැති ධූරය දරන තුරු සූදානම් නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
කවුරු පහර දුන්නත් අඩියක් හෝ පස්සට යෑමට සූදානම් නැති බවද ඔහු සඳහන් කළේය.
තමා මිනිසුන් මරන්න යැයි නොපැවසූ බව පැවසූ අමාත්‍යවරයා වැටලීම් කරන අවස්ථාවේදී පොලිසියට පහර දුන්නොත් ප්‍රති ප්‍රහාර එල්ල කරන බවද සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කොළඹ මෝදර ප්‍රදේශයේදී පෙරේදා(20) පස්වරුවේ පැවැති ප්‍රජා කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවකදීය.
එවැනි තීරණයක් පාතාලය සහ මත්කුඩු අවසන් නොකළහොත් මේ ප්‍රශ්නය කිසි දිනක විසඳිය නොහැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! ඒත් ප්‍රවේසමෙන්... දැක්කනේ.. දැක්කනේ ගෝඨාභයට, රොෂාන්ට වුණු දේ....!
ඔබතුමා, රොෂාන් වැනි කොන්දක් තියෙන නායකයන් තමයි මේ රටට ඕනේ. අපි ඔබතුමා ඔයා කරගෙන යන වැඩ පිළිවෙල අඛණ්ඩව කරගෙන යාමට ශක්තිය ලැබේවා කියලා පතනවා...
මුලින්ම තමන් නිර්දෝෂී වෙන්න එපැයි. මෙයාට තියන චෝදනාවල් සුළු පටු නොවේ. ඉතා බරපතලයි. ලෝකේ කොහේවත් මෙහෙම බරපතල චෝදනා තියන පුද්ගලයකුට මෙවැනි නීතිය හා සාමය පිළිබඳව වගකීමක් බාරදෙන්න නැහැ. රටේ ප්‍රධානියා ඇතුළු ආණ්ඩුවේ ඇමැතිලාට තියෙන්නේ බරපතල චෝදනාවල්. ඉතින් කොහොමද රටේ ජනතාවට ආණ්ඩුව පිළිබඳව විශ්වාසයක් ඇති වෙන්නේ...?
එසැණ පුවත්, බලවතුන්ගේ දුරකතන ඇමතුම්වලට යටවී ලොකු කුඩුකාරයින් නිදහස් කිරීමට තමා ඇමැති ධුරය දරන තුරු සූදානම් නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය. එතකොට පිනා සහ සාගල කොතැනද?
මේ ක්‍රියාදාමය යම් යහපත් ප්‍රතිඵලයක් දක්වාම ක්‍රියාත්මක වේ යැයි පතමු...! නමුත් දේශපාලන කියන කුණු මල්ල විශ්වාස නැත...!
ඔබට එන ඇමතුම් අපිත් එක්ක ෂෙයාර් කරන්න.
යුද්දේ කාලේ LTTE එකට සල්ලි දුන්නු කෙනෙක්ද කියලා හිතෙනවා.
ඉතිහාසයේ කීදෙනෙක් කුඩු ඉවර කරන්න ඔහොම දැගලුවද ? එහෙත් හැමදාම උනේ තියෙනවාටත් වඩා හොදින් කුඩු වෙලදාම රට තුල ව්‍යාප්ත වීමයි. මේකත් ඒ නාගඩගමේම තව එක ජවනිකාවක් විතරයි. දැන් රට පුරාම කුඩු වෙලදාම කරන්නේ පොහොට්ටුවේ දේශපාලකයන් හා සම්බන්ධ පාතාලයයි. ඒ පාතාලයෙන් කුඩු වෙලදාම මුදවාගෙන අලියට සම්බන්ධ දේශපාලුවන් අතට මේ කුඩු වෙලදාම මාරුකර ගන්න උවමනා වෙලා තියෙනවා පිනාගේ කල්ලියට, ඒ ඉදිරි මැතිවරණයට අරමුදල් සපයා ගන්න, පාතාලය හරහා විරුද්ධවාදින් මර්ධනය කරන්න. ඒ කොන්ත්‍රාත් එන තමයි මේයා මේ කරන්නේ, ගේම් ගහන එක කොන්ත්‍රාත් කරන එක මේයාගේ බිස්නස් එක, කූඨ ප්‍රසිද්ඳ රාඩා මගඩියේ නිර්මාතෘ කමයි මේයා. වැඩ කරන විරුවා ඇවිල්ලා රට ගොඩ ගන්න තුරු බලා හිටිය කට්ටියට දැන් මෙයා කුඩු ඉවර කරන තුරු බලාගෙන ඉන්න පුළුවන්. මෙහෙමත් ගොන්නු කවමත් ලංකාවේ ඉන්න එකයි පුදුමේ.
කරන්න ඕනෑම දෙයක් රට ගැන හිතලා සත් භාවයෙන් කලොත් තමන්ගේ දරුවෙකුට උනත් අනාගතයේ යහපතක් වෙයි .ආශිර්වාදයක් වෙයි .හැම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත
දේශබන්දු ජයවේවා ....ටිරාන් ජයවේවා
ඔය කයිය ගැහුවට ඔය පට්ටම යන්නේ ලංස අල්ලපු දවසට
ක්‍රිකට් නාටකයට මිනිස්සු රැවටුනේ නැති නිසා කුඩු නාටකයක් පටන් අරන්. ඕවා ඔක්කොම ලබන ඡන්දෙ බලාගෙන නටන නාඩගම්.