(පුෂ්පකුමාර ජයරත්න )

සමගි ජනබලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් තරුණ කමිටුවේ  සංවිධායකවරයා බව කියන අයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමඟ කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් රඹුක්කනදී අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුණෑගල පොතුහැර මාවතගම ප්‍රදේශයේ පදිංචිව සිටින සැකකරු 35 හැවිරිදි අයෙකි. ඔහු ව්‍යාපාර කටයුතු වල නිරතව සිටින්නෙකු බවද කියයි.

සැකකරු තම මිතුරන් පිරිසක් සමඟ කෑගල්ල දෙස සිට රඹුක්කන හරහා කුරුණෑගලට යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. ඔවුන් ගමන් කරමින් සිටි මොන්ටෙරෝ වර්ගයේ සුපිරි ජීප් රථයක් සහ ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක්ද පොලිස් බාරයට ගෙන ඇත. මෙම වාහන දෙකේම හිමිකරු සජබ තරුණ සංවිධායකවරයා බවද කියයි.