(කේ. බුද්ධික කුමාරසිරි)

කඩුවෙල මහ නගර සභාවේ අතුරුගිරිය වල්ගම උප කාර්යාල ගබඩාවේ තිබූ රුපියල් ලක්ෂ විසිතුනක් වටිනා ටයර් 34 ක් සොරකම් කල එම කාර්යාලයට අනුයුක්තව රාජකාරි කල සේවකයින් තිදෙනෙකු අද (22) දින අත් අඩංගුවට ගත් බව  අතුරුගිරිය පොලිසිය පවසයි

එම උප කාර්යාල ගබඩාවේ තිබූ ටයර් 34 ක ප්‍රමාණයක් නොවැම්බර් මස 27 ත් දෙසැම්බර් 03 දිනත් අතර  කිසිවෙකු විසින් සොරාගෙන ගොස් ඇති බවට වල්ගම උප කාර්යාලයේ ස්ථාන භාර නිළධාරී විසින් සිදුකල පැමිණිල්ලක් මත මෙම විමර්ශන කිරීමෙන් පසු මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකිව ඇත