(රංජිත් රාජපක්ෂ)                      

පිලි පැනිමට ලක් වු ටිකිරි මැණිකේ දුම්රිය පිලි ගත  කරනතෙක් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කරන දුම්රියන් හැටන් දුම්රිය ස්තානය දක්වාත් , බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන දුම්රියන් කොටගල දුම්රිය ස්ථානය දක්වාත් ධාවනය කරන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.

නානුඔය සිට කොළඹ දක්වා ධාවනය වු ටිකිරි මැණිකේ මගි ප්‍රවාහන දුම්රිය හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි සිංගිමලේ දුම්රිය උමං මාර්ගය අසල 109 ¼ සැතපුම් කණුව අසලදි පිලි පැනිමට ලක් වි තිබුණි.

අද  (21) දින උදැසන 7.15 ට පමණ එම දුම්රියේ මැදිරි තුනක් පිලි පැනිම හේතුවෙන් එම දුම්රියේ පිලි පැනිමට ලක් වු මැදිරියක් දුම්රිය මාර්ගයෙන් ඉවතට පැන දුම්රිය දෙපාර්තුමේන්තුවට අයත් ගොඩනැගිල්ලක් ගැටිමෙන් එම ගොඩනැගිල්ලට සහ දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදු වි ඇත.