(විමුක්ති එස් රුද්‍රිගු)
විදේශ රටවල පර්යේෂණ නෞකාවලට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ කටයුතු කිරීමට අවසර ලබා දීම නැවත සලකා බලනතුරු වසරක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
ඒ සම්බන්ධව අදාළ රටවල්වලට දැනුම් දීමට කටයුතු කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවැසුවේය.
නමුත් පර්යේෂණ නෞකාවලට සැපයුම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා වරායන්හි නැංගුරම්ලා හැකි බවත් එය වැළැක්විය නොහැකි බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දුන්නේය.මෙම තීරණයත් සමඟ චීනය ලබන ජනවාරි 5 වැනිදා සිට මැයි මාසය අවසානය දක්වා දකුණු ඉන්දියානු මුහුදු ගැඹුරු ජලයේ පර්යේෂණ කටයුතු කරන ෂියෑන් යැන්ග් හොන්ග් 3 චීන පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකා වාරයේ නැංගුරම්ලෑමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේද යන ප්‍රශ්නය කතා කිරීමට අවශ්‍යතාවයක් පැන නොනගින බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
ෂි යාන් 6 චීන පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් සිය සමීක්ෂණය අවසන් කර පසුගිය 2 වැනිදා සිංගප්පූරුවට ළඟා වූ අතර ඉන් පසුව තවත් පර්යේෂණ සහ සමීක්ෂණ නෞකාවක් වන ෂියෑන් යැන්ග් හොන්ග් 3 කොළඹ වාරයේ නැංගුරම්ලා ගැඹුරු මුහුදේ පර්යේෂණ කටයුතු කිරීමට චීනය ශ්‍රී ලංකාවෙන් අවසර ඉල්ලා සිටියේය.ඒ අවස්ථාවේදී ගැඹුරු මුහුදේ පර්යේෂණ කටයුතු කිරීමට ෂියෑන් යැන්ග් හොන්ග් 3 නෞකාවට අවසර ලබා නොදෙන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට දන්වා සිටියේය.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදෙස් නෞකා වලට ලංකාවේ පර්යේෂණ කටයුතු තාවකාලිකව අත්හිටුවයි
dupul Wednesday, 20 December 2023 07:10 AM
හෙඩ් ලයින් එක දකිනකොට මම හිතුවේ ආණ්ඩුව සිංහයා වෙලා කියල. නමුත් ඇත්තටම තීරණය අරගෙන තියෙන්නේ ඉන්දියාව. ටයි කෝට් ගහගෙන ලෝකේ වටේ හිඟ කනකොට ඔහොම වෙනබව අපේ "බලු සිංහයින්ට" නොතේරෙනවා නොවෙයි.
Prabha Wednesday, 20 December 2023 07:38 PM
මහ දවල් මාළු බෝට්ටු එවනකොටම හිතුණා...