(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
නාරහෙන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුව අසල ගැවසෙමින් එහි පැමිණෙන ජනතාවට විවිධ අයුරින් බලපෑම් එල්ල කරමින් මුදල් එක්රැස් කිරීමේ යෙදී සිටි. පුද්ගලයන් 11 කු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වූවන් අතර කාන්තාවක්ද වන බව පොලිසිය කියයි.
විවිධ අවශ්‍යතා සඳහා දෙපාර්තමේන්තු වෙත යතුරු පැදි සහ වාහනවලින් පැමිණෙන පුද්ගලයන්ගේ වාහන නැවතීමේදී විවිධ බලපෑම් කරමින් මුදල් එක්රැස් කරන බවට බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින බහුතරයක් දෙනා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බවත් ඒවා මිලදී ගැනීම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙම ස්ථානයේ රැඳී සිටින බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් නාරහේන්පිට පිට මැනීන් ටවුන්හි පදිංචිකරුවන් බව පොලීසිය කියයි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් ඇමතිතුමනි, මේ ආර් එම් වී එක වගේම එයාර් පොර්ට් එකත් සුද්ද කලයුතුයි. හැබැයි ඒ ප්‍රශ්නෙදි දෙශ පාලුවො අත දමාවි ඒත් ඒවාට මුහුන දෙන්න ඔබට ධයිර්ය ලැබේවා.
මේක අන්තර්ජාතික කුමත්‍රණයක සුලු සිදු වීමක් වෙන්න බැරිද?
මොකක්ද ඔය ආර්.ඇම්.බී කියන්නෙ .මම නම් අහල තියෙන්නෙ රෙජිස්ට්‍රාර් ඔෆ් මෝටර් වෙහිකල් (RMV ) කියලා තමයි ඔය කට්ටිය කියන බී අකුරේ තේරුම මොකක්ද
ඔය කාක්කො කියන බහුතරයක්ම ඔතන ඉඳන් ජාවාරම් කරන්නෙ මිනිස්සු රවට්ටන්නෙ පොලිසියෙ අයගෙත් ඔය කියන කන්තෝරුව ඇතුලෙ ඉන්න අයගෙත් ආශිර්වාදයෙන්ම තමයි.බොරු නම් තව සති දෙකකින් ගිහින් බැලුවොත් තේරෙයි..
එළියේ කාක්කෝ.ඇතුලේ ඉන්න වැඩිහරියක් ජරාව කන එවුන්..දෙගොල්ලන්ගෙම සහයෝගය ලැබෙනවා .
පුළුවන්නම් මහ කාක්කා බැසිලා ව අල්ලපන් බලන්න. ඌ තමයි මුළු මහත් රටේ ජනතාවගෙන්ම කප්පන් සල්ලි ගත්තේ. RMV පොඩි කාක්කෝ කරන්නේ ඌව අනුගමනය කරන එක