
(නිමල් ජයරත්න)
පොලොන්නරුව, ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් මනම්පිටිය මහවැලි ගඟේ, පවිත්‍රාගාරය පිහිටි ප්‍රදේශයෙන් වැලිමංකඩ 26ක් පිටස්තර පුද්ගලයන්ට ලබාදීමට භූ පරීක්ෂණයට ආ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සහ වනජීවි නිලධාරින්ට ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ ආපසු යාමට සිදුවිය .
අවට පරිසරයට හානි වන පරිදි දේශපාලන හිතවතුන්ට සහ පිටස්තර ව්‍යාපාරිකයන් පිරිසකට මනම්පිටිය වැලි මංකඩලාභීන්, වැලි ගොඩදමන කම්කරුවන් සහ ටිපර් රථ රියදුරන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එල්ල කළ දැඩි විරෝධය හමුවේ ඔවුන්ට හිස් අතින් යාමට සිදුවහ.
මනම්පිටිය මහවැලි ගඟේ ජල පවිත්‍රාගාරය පිහිටි ප්‍රදේශයේ පිටස්තර මහා පරිමාණ ව්‍යාපාරිකයින් පිරිසකට සහ දේශපාලන හිතවතුන්ට මෙම වැලිමංකඩ ලබාදීමට භූ විද්‍ය හා පතල් කාර්යාංශය සැලසුම් කර ඇතැයි විරෝධය දැක් වූ පිරිස චෝදනා කරති.
එම වැලිමංකඩ ලබාදීමේදී වන අලින් වන සතුන්ගේ ජීවිතවලට විශාල තර්ජනයකට මුහුණ දීමට සිදුවන බවත්, එම ප්‍රදේශයේ වැලිමංකඩ ලබාදීමට කටයුතු කළහොත් වියලි කාලයන්හිදී පොළොන්නරුව රෝහල ඇතුළු පොළොන්නරුව ප්‍රදේශයේ පවුල් විසිපන්දහකට උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ පෑමට සිදුවන බවද විරෝධතාකරුවන් මෙහිදී සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න බලලා මල්ලෙන් එලියට පැන්නා .පහුගියකාලේ ඔතන සභාපතිව නේද අල්ලස් කොමිසමට අහු උනේ ?වැඩේ දේශපාලුවන්ගේ ගේම් එකක් විත්තිය දැන් දැන් ඔප්පුවෙන්වා