දිලීප් ජයසේකර
රුහුණු මහා කතරගම දේවාලට පූජා කරන ලද රත්‍රං පවුම් 38ක් බරැති රන් තැටියක් දේවාලයේ ගබඩාවෙන් අතුරුදහන් විම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දේවාලයේ ගබඩා බාරකරු චූටි කපුරාල රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර දෙකක් මත මුදා හරින්නැයි තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු ද සිල්වා මහතා අද නියෝග කළේය.
කොළඹ අපරාධ කොට්ඨාශයට භාරවීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගත් සැකකාර චූටි කපුරාල තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) දහවල් ඉදිරිපත් කළේය.
සැකකරුට සෑම ඉරුදිනකම කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනි සිටින ලෙසද අධිකරණය නියෝග කෙරුණි.
මෙලෙස ඇප මත මුදා හැරියේ රුහුණු මහා කතරගම දේවාලයේ ගබඩා බාරකාර කපු මහතා ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චුටි කපුරාල නමැත් තෙකි.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කතරගම චූටි කපුරාලට ඇප
අරවින්ද මොනරවිල Tuesday, 19 December 2023 06:08 PM
කෝටි ගණනක වංචාවක සැකකරුවෙක්ට උසාවියට ඉදිරිපත් කල සැනින් ඇප ලැබුණේ දෙවියන්ගේ අනුහසින් වෙන්න බැරිද අපේ හාන්දුවනේ !
සුපුන් චාමර Tuesday, 19 December 2023 07:10 PM
මූ අපරාදේ පපුවේ බිත්තර තම්බ තම්බ හැංගිලා හිටියේ. සමහර විට මූවත් දන්නෙ නැතිව ඇති මෙච්චර ඉක්මනට ඇප හම්බවෙයි කියල
viraj Tuesday, 19 December 2023 07:40 PM
චුටි කපුරාල හෙට සිට දේවාලයේ නැවතත් රාජකාරියේ , කරුණාකර මෙම නිවුස් පලකරන්න එපා අපිට තවත් මේරට එපා වෙනවා