
(මනෝ ප්‍රිය ගුණසේකර)
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ලබන 27 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය අද (18) නියම කළාය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ෛද්‍ය සැපයුම් කාර්යාලය වහාම මුද්‍රා තැබීමට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාට නියම කළ මහේස්ත්‍රාත්වරිය රහස් පොලිස් නිලධාරීන්ට හෙට දිනයේ එම කාර්යාලයේ පරීක්ෂා කොට ප්‍රශ්නගත බෙහෙත් ජාවාරමට අදාල ලේඛන සොයා ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසද වැඩිදුරටත් නියම කළාය.
ඉන්දියානු නය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය බව කියමින් හදිසි මිලදීගැනීම යටතේ මෙම ඖෂධ ලබාගෙන ඇති බවත් රාජ්‍ය නිලධාරීන් අතුරින් ඉහළින්ම සිටින මෙම සැකකරුගේ නොසැලකිල්ලට එහා ගිය අපරාධකාරී තත්ත්වයක් මෙම සිද්ධියට අදාළ විමර්ශනවලදී හෙළි වූ බව කියමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගම මෙනෙවිය කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කිරීමට මහේස්ත්‍රාත්වරිය නියම කලාය.
සිද්ධියට අදාළව අවස්ථා කිහිපයකදීම දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් වලට බඳුන් කිරීමේන් අනතුරුව ප්‍රකාශයක් දිමට ඊයේ රහස් පොලිසියට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබූ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙ වන විටත් බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සුගත් ජනක ප්‍රනාන්දු මහතා” වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා එහි සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන් මහත්මිය” ගණකධිිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර නමැත්තන් මේ වන විටත් රිමාන්ඞ් භාරයේ පසුවේ.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණීල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශන කරද්දී ගුද මාර්ගයේ” මහ බඩවැලේ” පියයුරු” පෙනහ`ථ” පොස්පෙට් ග්‍රන්ථිය” ආමාශය ආශිත පිළිකා රෝගී්න් සඳහා මෙන්ම ඇසේ දෘෂ්ඨි විතානය පැහැදිලි කිරිම සඳහා භාවිතා කරන ඖෂඹ මෙන්ම රුධිරය කැටි ගැසීමේ රෝගීන්ට දෙනු ලබන ඖෂධද ප්‍රමිතියෙන් තොර බව අනාවරණය වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන්ද විමර්ශන කර න බව රහස් පොලිස් නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.
රහස් පොලිස් නිලධාරීන් සමග පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනි ගිරිහාගම මෙනවිය කරුණු ඉදිරිපත් කරමින් හදිසි මිලදී ගැනීම් යටතේ ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ හැකි ඉක්මනින් ගෙන්වා ගැනීම සඳහා සැපයුම්කරුවන් තෝරා ගැනීමට පත් කළ ටෙන්ඩර් කමිටුවේ එක් සාමාජිකයකු වශයෙන් මෙම සැකකරු කටයුතු කර ඇතැයි කීවාය.
අදාළ ඖෂධ සැපයීම සඳහා තෝරාගන්නා ලද අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සුගත් ජනක ප්‍රනාන්දු ඇමති සැකකරු අදාල ඖෂධ දින පහක් තුළදී ශ්‍රී ලංකාවට ගෙන්වා දෙන බවට ඌ පොරොන්දුවක් මත ඖෂධ සැපයීමට ඔහු තෝරාගත් නමුත් අදාල ඖෂධ සැපයීමට ඔහුට මාස හතරකට වඩා වැඩි කාලයක් ගතවී ඇතැයිද කී ලක්මිණී ගිරිහාගම මෙනවිය ඖෂධ සැපයීම ප්‍රමාද වීම හේතුවෙන් පළමු සැකකරු ගෙවිය යුතු දඩ මුදල් වලින් ඔහු නිදහස් කර ඇත්තේද මෙම සැකකරු යැයි කීවාය.
වෙනත් සිද්ධියකට අදාළව අදාළව 2022.04.25 වැනිදා තමින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයක් පෙන්වමින් අමාත්‍යංශ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ මෙම සැකකරු විසින් ඖෂධ සැපයුම්කරු මුදා හැර ඇතැයි පෙන්වා දුන් lakmini ගිරිහාගම මෙනවිය විදේශ රටකින් ඖෂධ ආනයනය කර ලංකාවට ලබාදීමට පොරොන්දු උ පළමු සැකකරු පසුව රුධිර ප්‍රල්ස්මා ඉල්ලූ අවස්ථාවේදී එම රුධිර ප්‍රල්ස්මා ඔහුට ලබාදීමට නියම කරන ලද්දේද මෙම සැකකරු විසින් බව පෙන්වා කිවාය.
මේ තත්ත්වය යටතේ මෙම සැකකරුවන් වංක සහයෝගයෙන් යුතුව කටයුතු කර ඇති බව පෙනෙන්නට ඇතැයි කී ගිරිහාගම මෙනවිය සැකකරු රිමාන්ඞ් භාරයට පත් කරන්නයි ඉල්ලා සිටියාය.
ප්‍රශ්නගත ඖෂධ ජාවාරමට අදාළ ලේඛන ඖෂධ සැපයුම් සැපයුම්කාරයාලයේ තිබෙන්නට හැකියාව ඇති හෙයින් එම කාර්යාලයේ වහාම මුද්‍රා තැබීමට නියම කරන්නයි ඉල්ලා සිටි ගිරිහාගම මෙනවිය එම කාර්යාලය පරීක්ෂා කොට විමර්ශනයට අදාළ ලේඛන සොයා ගැනීම සඳහා රහස් පොලිසියට අවශ්‍ය පහසුකම් සලසා දීමට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියම කරන්නයි ද ඉල්ලා සිටියාය.
සැකකරු වෙනුවෙන් නීතිඥවරු කණ්ඩායමක් සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා තම සේවාදායකයා නිකලල් චරිතයකින් හෙබි අමාත්‍යංශ ලේකම්වරයෙකු යැයි කීවේය.
ඔහු වෙත පවරනු ලැබූ රාජකාරී ඔහු සිදු කළා හැර වෙනත් අපරාධයක් ඔහු කර නැතැයි කී අනිල් සිල්වා මහතා අවශ්‍ය සෑම අවස්ථාවේදීම විමර්ශනවලට සහාය ලබා දුන් තම සේවා දායකයා ඇප මත මුදාහරින්නයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු ලබන 27 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයට පත් කළ මහේස්ත්‍රාත්වරිය ඖෂධ සැපයුම් කාර්යාලය වහාම මුද්‍රා තැබීමට අතිරේක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියම කළාය.
ඖෂධ සැපයුම් කාර්යාලය පරීක්ෂා කොට ප්‍රශ්නගත ඖෂධ ජාවාරමට අදාල ලේඛන සොයා ගැනීමට රහස් පොලිස් නිලධාරීන්ට අවශ්‍ය සහය දක්වන ලෙසද මහේස්ත්‍රාත්වරිය අතිරේක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට වැඩිදුරටත් නියම කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින දැනුම් දෙන ලෙස රහස් පොලිසියට නියම කළාය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිල්ලෙක් වගෙ ඉන්නව. දැන්වත් කියපන් ඔක්කොම එකතුවෙලා කරපු බලු වැඩ.
ප්‍රශ්නගත ඖෂධ ජාවාරමට අදාළ ලේඛන ඖෂධ සැපයුම් සැපයුම්කාරයාලයේ තිබෙන්නට හැකියාව ඇති!!!!!!!!!! ලේකන සියල්ල අතුරුදන් වූ පසු මුද්‍රා තබන ලදී
කෝ මහ එකා ?
මේ කරලා තියෙන වැඩේ එසේ මෙසේ අපරාධයක් නෙමෙයි. මේක හරියට අර හිට්ලර් ගෙ කාලයේ නාසි දොස්තරලා වැඩ කඳවුරු වල තියන් හිටපු යුදෙව් ජාතිකයන්ට විවිධ එන්නත් විදලා පරීක්ෂණ කළා වගේ මහා භයානක අපරාධයක්. මම හිතන්නේ දෙවන ලෝක යුද්දෙන් පස්සේ මේ වගේ දෙයක් වුනේ මේ ශ්‍රී ලංකාවේ.
මෙම ලේකම්ට ඉහලින් සිට නියෝග ලබාදුන් අය ගැනත් සොයා බැලියයුතු නොවේද.
.හොරකම් කල ජනතා මුදල් වලින් අරගොල්ලො රංචුවක් පියඹා ඒවි එතකොට කූඨලේඛන සොයාගන්න නැහැ බැහැ කියලා නිකොනි වෙන්න පුළුවන්
උගත්කම බුද්ධිමත් කම යටපත්කරමින් තණ්හාවට යටත්ව තමන්ගේ ආත්මගරුත්වය නැති කරගැනීම පමණක් නොව මහජන මුදලින් නඩත්තුවන්වූ ලංකාවේ සෞඛ්‍ය සේවයයෙන් කෝටි ගණනක මුදල් අයතා ලෙස දුෂිතව උපාය ගැනීම කණගාටුවට කරුණකි. මෙවැනි දුෂිත රාජ්‍ය නිලධාරීන් ලංකාවේ කොපමණ සිටීද ? ඔවුන් කරනුයේ බරපතල වරදක් බව දැන දැනම කල මෙම පාපකාරී ක්‍රියාවට දිකරණයෙන් නිසි දඩුවම් ලැබෙනු ඇත
සඟවාගනු මැන ඔබගේ රුව
දැන් අයි එම් එෆ් එකේ ණය මුදලින් ඉන්දියාවෙන් ගේන බිත්තර ගොඩේ කුණු බිත්තර තිබුනොත් හිරේට දාන්නේ මොන ලේකම්වද ?
මෙයා අවාසනාවන්තයක්. හැබැයි කෙහැලිය නම් වාසනාවන්තයක්. ඔහු අද නිදැල්ලේ. ඔහු නොදැනුවත්ව මේ වංචාව කරන්න බැහැ. ඔහු එදා ඔස්ට්‍රේලියාවේදී වැට පෙනල, කකුල කඩාගත්තා. ඔහුගේ ප්‍රතිකාරය සඳහා වියදම් කලෙත් රටේ මහජන මුදලින්. ඒ තරමට මේ රටේ ජනතාව අවාසනාවයි. ඊළඟ චන්දයෙදීවත් ජනතාව බුද්ධිමත්ව චන්දය භාවිතා කරනවා නම්.....
ඇමති සැකකරු????
ලජ්ජා නැති තිරිසන් සතා. උබලා වගේ තිරිසන්නුන්ගේ දරුවන් පවා සොයලා හෙළිකර ඔවුන්ගේ ජිවිත කාලය පුරාවට උබලා කල අපරාධ මතක්කර දෙන්නට ක්‍රමයක් සෙවිය යුතුයි. උබලා අහිංසක ජිවිත සහ රටක් විනාශකර හොයන මුදල් වලින් දරුවන් පිටරට පටවා සුපිරි සැප දෙන්නට හිතනවානම් එය පරාජය කල යුතුයි. විශේෂයෙන් වැඩිහිටි දරුවන් දන්නවා මේ මගේ තිරිසන් (පිං) පියා අපිට වියදම් කරන්නේ හොරකම් කල සල්ලි කියලා. එවන් තිරිසන් දරුවන් ලෝකයටම ශාපයක්. ඔවුනුත් දවසක මිනිසුන්ගේ රීරි මාංශ උරා බොන සත්තු බවට පත්වෙන එක නියතයි.
පොඩ්ඩක් ඉන්ඩලා, මේ වෙනකොට 4ක් පැන්නා සජියගෙ පැත්තට, අනිත් උනුත් පනින්න කලින් ඇල්ලුවා පහලින් මිරිකලා, දුන්නෙ නිවුස් එක "පනින සෙල්ලන් දැම්මොත් පහල ඉඳන් උඩටම මිරිකන් එනවා". දැන් කට්ටියට තියෙන ප්‍රශ්නෙ කොහොම හරි ජ වි පෙ එන එක නවත්තන්න. එ නිසා මේ වෙලාවේ ඔය සෙල්ලම්කිරිලි වැඩක් නෑ. "ක්‍රීඩා නවත්තලා එකතුවෙයල්ලා" කියල ඔය දුන්නෙ වොනින් එක. පව්, පුලුවන්නන් ඔය අල්ලපු කෙනාගෙ උඩින් ඉන්න උනුත් අල්ලලා දාන්නකො පත්තරේ ඔය වගේ.
සාමාන්‍යයෙන් "දොස්තරලා " කොහේ ගියත් යන්නේ "නලාව " කරේ දමාගෙන මෙයාට ඒක අමතක වෙලාද මේ වෙලාවේ ?
නිලධාරීන්ට හොඳ පාඩමක් ,ඇමතිවරයා කියන කියන දේවල් කරන්න ගියාම වෙන දේ ,දැන් කෝ කෙහෙළිය එයාලව ඇරෙස්ට් කරන්නේ නැහැ රනිල් එනකම්
මිනී මැරීමේ වරදට නඩු දැමිය යුතුයි
ඕවා කමිෂන් ඇමතිට හම්බ වෙලා ඇති ගානට
සැකකරුගෙ රැකවලා කියන්නෙ ඉහලින් ලැබුණු නියෝගයක් මත ක්‍රියා කල නිකැලැල් ලේකම් කෙනෙක් නිසා ඇප දෙන්න කියලා තමයි .ඇත්තටම ගෝඨාභය ජනාධිපති ලක්ෂයක් පිරිසකට රජයේ රැකියා දුන්නෙ මෙහෙම ලේකම්ලා කිරීමටද කියලා හිතෙනවා මම දකින ආකාරයට මේ ලේකම් වරයා තමන්ගෙ තනතුර කෙලෙසීමක් කර තියෙනවා ඇමති කිව්වා කියලා වැඩකරන්න ඉහළම සුදුසුකම් මත විභාගයක් තියලා තෝරාගෙන ගෙන පුහුණුවක් දීලා බදවා ගන්න අවශ්‍ය නැහැ ඒ අතින් ගෝඨාභය කලදේ හරි හරිනම් ලේකම් කියන්නෙ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිළධාරි තමයි ඔහුට පුලුවන් කමක් තියෙන්නම ඕන ඇමති කියනදේ වැරදි නම් පෙන්වාදීමට.එය ඇමති නොපිළිගන්නා බවක් පේනවා ඔහුට ලේකම් තනතුර අතහැර යන්න තිබුනා දේශපාලන හිතවත් කමට ඔය සේවය සදහා හොර පාරෙන් ආවානම් ඔහොම වෙනවා කියන්න පුළුවන් .හරිනම් ජනාධිපති ලේකම් විසිනුත් ඔහුට විරුද්ධව විනයානුකූලව කටයුතු කල යුතුය