(යොහාන් භාසුර)
රට තුළ පවතින අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ ආපදාවලින් දිස්ත්‍රික්ක හයක පවුල් 2,256 කට අයත් පුද්ගලයන් 7,181 ක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (17) පැවසීය.
මෙම තත්වය හේතුවෙන් පවුල් 490 ක පුද්ගලයන් 1,625 ක අවතැන්ව ඇති බව ද එම මධ්‍යස්ථානය කියයි.
උතුරු පළාතේ මුලතිව්, කිලිනෝච්චි, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලට අයත් පවුල් 419 ක පුද්ගලයන් 1,499 ක් මේ වන විට අපහසුතාවට පත්ව සිටින බවත් බදුල්ල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල ද සැළකිය යුතු පිරිසක් ආපදාවට ලක්ව සිටින බවත් එම එම මාධ්‍යස්ථානය පවසයි.
දැඩි වර්ෂාව, ගංවතුර, ගස් කඩාවැටීම සහ ගස් කැපීම ආදි සිද්ධීන්වලින් එම පුද්ගලයන් ආපදාවට පත්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd