;

ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම මහතා අභාවප්‍රාප්ත විය.

ටෙලි නාට්‍ය සහ චිත්‍රපට ඇතුළු නිර්මාණ 200 කට අධික සංඛ්‍යාවකට රංගනනයෙන් දායක වී ඇති ඒ මහතා අභාවප්‍රාප්ත වන විට ඔහු 77 වැනි විය.
ශ්‍රී ලංකා ප්‍රේක්‍ෂකයන්ගේ ආකර්ශනය දිනාගත් චිත්‍රපට වන ‘කරුමක්කාරයෝ’ සහ ‘සාගරයක් මැද’ ඇතුළු චිත්‍රපට රැසකට මෙන්ම ‘ඇල්ල ළඟ වලව්ව, මායා මන්දිර සහ බට්ටි ඇතුළු ටෙළි නාට්‍ය රැසකට ද ඒ මහතා රංගනයෙන් දායක විය.
තිස්ස අබේසේකරයන්ගේ ‘කරුමක්කාරයෝ’ චිත්‍ර පටයෙන් 1980 වසරේ රිදී තිරයට පිවිසි ලයනල් වික්‍රම මහතා ‘බට්ටි’ ටෙලිනාට්‍යයේ ‘ආටි හාමු’ චරිතයෙන් ප්‍රේක්‍ෂක හද බැඳගැනීමට සමත් විය.
(යොහාන් භාසුර)