
(ප්‍රසංග පෙරේරා)
ජා- ඇල මහපොළ පිවිසුම් මාර්ගයේ ඉදිකර ඇති දැවැන්ත ඉලෙක්ටෝනික මහපොළ ප්‍රචාරක පුවරුව කඩාගෙන අනතුරකට ලක් වූ බස් රියකට හැපී එම ස්ථානයේ සිටි පාපැදි ශූරයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ උදෑසන සිය පා පැදි පුහුණුවීම් සඳහා ගිය කදාන ප්‍රදේශයේ පදිංචි නිපුන් ධනංජය (29) නැමති පා පැදි ශුරයෙකි.
කොළඹ සිට කටුනායක දෙසට කාර්යාලීය සේවකයන් ප්‍රවාහනය කරමින් තිබූ සුඛෙපභෝගී බස් රථයක් ජාඇළ මහපොළ ප්‍රධාන පිවිසුමේ ඉදිකර තිබූ දැවැන්ත ඉලෙක්ටෝනික මහපොළ ප්‍රචාරක පුවරුව කඩාගෙන ගොස් අසල තිබූ ගෑස් අලෙවි හලක් ගැටී මෙම අනතුර සිදුව තිබූ බව පොලීසිය පවසයි.
අධික වේගයෙන් පැමිණි බස් රථය ප්‍රථමයෙන් ප්‍රචාරක පුවරුවේ ගැටි අසල තිබු කාර් රථයක් වැදී අසල තිබූ ගොස් අලෙවි මල් කඩාගෙන ගොස් නතර වු බව සිද්ධිය දුටුවෙකු පැවසීය.
අනතුර සිදු කල වෑන් රථයේ රියදුරා පොලිසියට පවසා ඇත්තේ රථයේ තිරිංග ක්‍රියාවිරහිත වීම නිසා තමන්ට රථය පාලනය කර ගැනීමට නොහැකි වු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ පාර හරහා තොරන් ගහලා තියෙනවා කිසිම ගාණක් නැතුව. පන්සල්, පල්ලිවල තොරන් කාලෙට පාරේ වාහනවලට යන්න ඉඩ නෑ. තොරන් බේරන්න ගිහින් හැපෙනවා.. ඒ වගේමයි දේශපාලන රැස්වීම්වල ගහන තොරන්... මිනිස්සු හුඟාක් අවදානමේ යන්නේ...