IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රිය අනතුරින් පා පැදි ශූරයෙක් මරුට

(ප්‍රසංග පෙරේරා)

ජා- ඇල මහපොළ පිවිසුම් මාර්ගයේ ඉදිකර ඇති  දැවැන්ත ඉලෙක්ටෝනික මහපොළ ප්‍රචාරක පුවරුව කඩාගෙන  අනතුරකට ලක් වූ  බස්  රියකට හැපී එම ස්ථානයේ සිටි පාපැදි ශූරයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ උදෑසන සිය පා පැදි පුහුණුවීම් සඳහා ගිය කදාන ප්‍රදේශයේ පදිංචි නිපුන් ධනංජය (29) නැමති  පා පැදි ශුරයෙකි.

කොළඹ සිට කටුනායක දෙසට කාර්යාලීය සේවකයන් ප්‍රවාහනය කරමින් තිබූ සුඛෙපභෝගී බස් රථයක් ජාඇළ මහපොළ ප්‍රධාන පිවිසුමේ ඉදිකර තිබූ දැවැන්ත ඉලෙක්ටෝනික මහපොළ ප්‍රචාරක පුවරුව කඩාගෙන ගොස් අසල තිබූ ගෑස් අලෙවි හලක් ගැටී මෙම අනතුර සිදුව තිබූ බව පොලීසිය පවසයි.

අධික වේගයෙන් පැමිණි බස් රථය ප්‍රථමයෙන් ප්‍රචාරක පුවරුවේ ගැටි අසල තිබු කාර්  රථයක් වැදී අසල තිබූ ගොස් අලෙවි මල් කඩාගෙන ගොස් නතර වු බව සිද්ධිය දුටුවෙකු පැවසීය.

අනතුර සිදු කල වෑන් රථයේ රියදුරා පොලිසියට පවසා ඇත්තේ රථයේ තිරිංග ක්‍රියාවිරහිත වීම නිසා තමන්ට රථය පාලනය කර ගැනීමට නොහැකි වු බවයි.

 

 



අදහස් (1)

රිය අනතුරින් පා පැදි ශූරයෙක් මරුට

Muthu Sunday, 17 December 2023 12:37 PM

මේ වගේ පාර හරහා තොරන් ගහලා තියෙනවා කිසිම ගාණක් නැතුව. පන්සල්, පල්ලිවල තොරන් කාලෙට පාරේ වාහනවලට යන්න ඉඩ නෑ. තොරන් බේරන්න ගිහින් හැපෙනවා.. ඒ වගේමයි දේශපාලන රැස්වීම්වල ගහන තොරන්... මිනිස්සු හුඟාක් අවදානමේ යන්නේ...

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 32 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site