(යොහාන් භාසුර)
වැසි සහිත කාලගුණය පිළිබඳව අවදානය යොමු කර දිස්ත්‍රික්ක 11 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 48 කට නායයෑමේ අනතුරු ඇඟවීම් තව දුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි.
ඒ අතරින් බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, තුම්පනේ සහ පස්බාගේ කොරළේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ අතුරළිය සහ පස්ගොඩ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, නිවිතිගල, ඉඹුල්පේ, කලවාන සහ බලන්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට දෙවැනි අදියර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd