
(අංජුල මහික වීරරත්න)
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ඒ ආශ්රිත ප්‍රදේශය ඉහළ පෙළේ සංචාරකයන්ගේ (High-end Tourism) කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව කීවෙි හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ අද (15) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ අඩවි කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබූ අතර අනතුරුව ඔහිය මාර්ගය ඔස්සේ වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව වනජීවී දෙපාර්තමේන්තුවට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමි ප්‍රදේශ ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිතියම් මූලාශ්‍රයෙන් නිරීක්ෂණය කළ අතර හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ එහි පේරක කලාපයට අයත් සියලු ඉඩම් එක් සිතියමකට සිතියම්ගත කර කඩිනමින් තමා වෙත ලැබීමට සලස්වන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් බොසා කියන්න අපි ඔය කැලෑ එළි කරන්නම් ඔබ වෙනුවෙන්. අපිට ලබන පාර නාමල් මහත්තයෝ උදව් වුණේ. ජයවේවා..!
ඒක නම් එච්චර සුබ නැහැ. ලොක්කා විකුණන්න දෙයක් හොයාගෙන තමයි ඔය යන්න ඇත්තේ...!
හාමුට තමන්ගේ කුඩේවත් ඉහළාගෙන යන්න බැරි අධි මානසිකත්වයකින් පෙළෙන බව පේනවා...!
ඕකා ගියොත් එතැන විනාශය කරනවා. හෝටන්තැන්නත් මොකෙක් හරි පරයෙක්ට විකුණලා කීයක් හරි සාක්කුවට දා ගනියි.
විකුණන්නද දන්නේ නෑ අර අඳින්නේ...? වැට් ගහනවා.. විකුණනවා. හොඳ සේල්ස්මන්...!
පව්.., රටට වෙලා තියන නස්පැත්තියක්...
ෂුවර් එකටම සංචාරක බංගලාව ඇතුළු ප්‍රෙද්ශය සංවර්ධනය කියලා නම දාගෙන විදෙස් කොම්පැනියකට දෙන්න මාන බලන්නේ... දැනටමත් යටින්ගේමක් යනවා ඇති ෂුවර්...!
විනාසයි... හෝටන් තැන්න දැනටමත් කාලා තියෙන්නේ... ඉතුරු ටිකත් කනවා වගේ...
සියලු ඉඩම් එක සිතියමකට ගන්න කියන්නේ හිතවත් කෙනෙකුට කුණුකොල්ලයට විකුණන්න තමයි...!
අදානියාට ඕකත් විකුණන්න වෙන්න ඇති කල්පනාව...!
උඩ මහත්තුරු සේරමලා කියලා තියෙන්නේ සහතික ඇත්ත... මෙයා ඔහේ ගියේනං හොඳකට නෙමෙයි... ඉන්දියාව හරි, චීනේ හරි ඕක ඉල්ලලා ඇති ෂූවර් එකටම... මෙයා ගියේ මායිම් ටික හරියට බලං එන්න.
තමන්ට කුඩයක් අල්ලාගෙන යන්න තරම් හැකියාවක් නැති මිනිහෙක් රට හදයිද...?
හෝටන් තැන්න ක්‍රීඩා පිටියකට දෙමු... සමනල කන්ද බදු දෙමු හෝටලයකට. කිසිම සැකයක් නැහැ... හෝටන් තැන්නත් විකුණන්නේ කෙසේදැයි බලන්න එන්න ඇති... නමුත් තව ටික දවසයි. තැපැල් කන්තෝරු ටිකවත් විකුණන්න බැරි වෙනවා...
විකුණන්න කලින් ආයෙත් ගිහින් එන්නේ ඕනේ. වැස්ස තමයි අවුල...!
මෙතුමා කියන එකක්වත් විශ්වාස කරන්න බැහැ... කියන තරමක් කියන්නේ බොරු...
එකක් කියන්න. මේ රට විකුණන මානසික රෝගීන්ට කාලය තියෙන්නේ මාර්තු වෙනකන් විතරයි.
හයි එන්ඩ් ටුවරිසම් කියලා ලොක්කා මේකත් විකුණයි වගේ...!
මෙයාව ඔය කැලේ ඉන්න කොටියෙක්ටවත් කන්න බැරිද?
අනේ යන්න සාගල යන්න...!