(සුජිත් හේවාජුලිගේ )
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන් 19 දෙනකුට පසුගිය 2021 වර්ෂයේදී ඔවුන්ගේ මූලික වැටුප මෙන් සියයට 300කට වැඩි අතිකාල දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ අතිකාල වැඩ සඳහා සැබෑ අවශ්‍යතා නොමැති අවස්ථාවවලදී පවා සේවකයන් විශාල පිරිසකට මෙලෙස රුපියල් කෝටි ගණනක අතිකාල ගෙවීම ආර්ථිකමය වශයෙන් විශාල පාඩුවක් බව ජාතික විගණන කාර්යාලය පවසයි.
තවද සේවකයන් 210 දෙනකු සිය මූලික වැටුප මෙන් සියයට දෙසීයකට වැඩි අතිකාල දීමනාද සේවකයන් 988 දෙනකු තම මූලික වැටුපෙන් සියයට සීයකට වඩා අතිකාල දීමනාද සේවකයන්1335 දෙනකු (සමාගමේ 2638ක්වූ මුළු සේවක සංඛ්‍යාවෙන් සියයට පනහකට වැඩි පිරිසක්) සියයට 75 කට වැඩි අතිකාල දීමනාද 2021 වර්ෂයේදී ලබාගෙන ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
මේ අතර ණය ආපසු අය කර ගැනීමේ හැකියාව සමාලෝචනය නොකර තව තවත් ණය ගැනීමට සේවකයන් දිරිමත් කර තිබූ බව පෙන්වා දෙන විගණන වාර්තාව සේවකයන්ට ලබා දී ඇති කාර්යමණ්ඩල ණය අය කර ගැනීමේ පදනමක් ලෙස ඔවුනට අතිකාල වැඩ සඳහා මෙසේ වැඩි අවස්ථා දී තිබූ බවද සඳහන් කරයි.
මේ අතර ඉන්ධන බෙදා හැරීමේ අවශ්‍යතාවලින් සියයට අසූවක්ම පෞද්ගලික බවුසර් යොදාගෙන සම්පූර්ණ කර තිබූ හෙයින් සමාගමට අයත් බවුසර වලින් සියයට 75 කට වැඩි ප්‍රමාණයක් එනම් සමස්ත බවුසර් ධාරිතාවෙන් සියයට පනහක්ම අක්‍රියව පැවතුණු බවවිගණන නිලධාරීහු පෙන්වා දෙති.
ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සඳහා අරමුදල් ආර්ථිකමය වශයෙන් හා කාර්යක්ෂමව යෙදවීමට නම් සමාගමට හිමි බවුසර් ප්‍රශස්ත ලෙස භාවිතා කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු බව විගණන නිලධාරීහු නිර්දේශ කර ඇත
මේ තොරතුරු සඳහන් වන්නේ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ 2021 වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ව හදන්න බෑ, යුනියන් කාරයොත් අතට ගාන හම්බවෙනවා නම් ආයතනෙටයි අනිත් මිනිස්සුන්ටයි හෙණ ගැහුවත් කමක් නෑ කියලා ඉන්නේ..., ඉන්න මුලු ගාණෙන් භාගයක්වත් ඕනෑ වෙන්නේ නෑ. ඔතැන වැඩ කරන්න අනිත් අය කාලේ කනවා... හැබැයි අඩු කරන්න ගියොත් කෑ ගහනවා... ඔක්කෝම දේශපාලන පත්වීම්...!
කාලකණ්නි රටක් බං මේක...!
දේශපාලකයින්ට හොරා කිය කියා මොවුන් කරන්නේත් හොරකම. රාජ්‍ය සේවයේ උඩ ඉඳලා පහළටම ඒක පුරුදු වෙලා. ලේසියට දේශපාලකයින්ට විතරක් ඇඟිල්ල දික් කරාට මොවුන් ඊට වඩා හොරු. අරුන් එළිපිට හොරකම් කරන කොට මුන් හැංගිලා කරන්නේ...!
හොඳට හොයලා බැලුවා නම් ඔය අතිකාල දාලා තියෙන වෙලාවේ ඔවුන් ඉඳලා තියෙන්නේ ගෙවල්වල විය හැකියි. විදුලිබල මණ්ඩලය ඇතුළේත් ඔහොමයි...!
සතියකට එක් දවසක් පමණක් නිවාඩු ගෙන දවස් 6ම වැඩකලා යැයි සිතමු. දවසකට නියමිත පැය 8 වැඩකර අවම පැය 8ක් නිදා ගත්තත් ඕටී කිරීමට ඉතිරි පැය 8යි. ඒ අනුව ඕටී සඳහා ඉතිරි 8x25= පැය 200. මේගොල්ලෝ නින්දෙනුත් ඕටී කරලනේ!
වහාම පුද්ගලීකරණය කරන්න.