
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර පල්ලිමුල්ල සම්බෝධි මාවතේ පදිංචි මුදල් පොලියට දෙන ව්‍යාපාරිකයකුගේ නිවසට යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
එම වෙඩි ප්‍රහාරයෙන් අදාල නිවස හිමි ව්‍යාපාරිකයාට හෝ වෙනත් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති අතර නිවසේ බිත්තියකට නිවස ඉදිරිපිට නවතා තිබු මෝටර් රථයකට ,ත්‍රී රෝද රථයකට අලාභ හානි සිදු වී ඇත.
මෙම වෙඩි තැබීම රිවෝල්වරයකින් සිදු කරන්නට ඇති බවට පොලීසිය සැක කරන අතර ඒ ආසන්නයේ වැටී තිබිණ මිලි මීටර් 9 වර්ගයේ හිස් පතොරම් කොපු පහක් පොලීසිය සොයා ගෙන තිබේ.
විදෙස් ගතව සිටීන ප්‍රබල පාතාල කල්ලි නායකයෙකුගේ උපදෙස් මත මෙම ප්‍රහාරය සැලසුම් කරන්නට ඇති බවට පොලීසිය සැක කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම එකපාරටම හිතුවේ IMF එකට කියලා... මොකද ඒකත් කරන්නේ පොලිසියට සල්ලි දෙන එකනේ...