(විශේෂ වාර්තාකරුවෙක්)
යතුරුපැදියකින් පැමිණී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ඊයේ රාත්‍රි සිදුකළ වෙලිතැබීමකින් වැලිගම මුහුදු මාවතේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි මාලු අලවිසලක ව්‍යාපාරිකයකු සහ සහායකයකු තුවාල ලබා රෝහල් ගත කළ බව වැලිගම පොලිසිය පවසයි.
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි මමාස් ෆිෂ් පොයින්ට් නැමැති මාළු අලෙවි සලක රාත්‍රි 9:15 පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.
එම වෙඩි තැබීමෙන් එම ස්ථානයේ මාළු ව්‍යාපාරික වයස 40 වන එන්.ආර් චමින්ද නුවන් කුමාර සහ සහායෙකු වන වයස (52 ) මහින්ද ගුණතිලක තුවාල ලබා වැලිගම වලාන රජයේ රෝහලට ඇතුළත් කොට තිබේ.
මෙම වෙඩි තැබීමෙන් චමින්ද කුමාර යන අයගේ පපුවෙි දකුණ පසට වෙඩි උන්ඩ 02 ක් වැදි ඇති අතර මහින්ද නැමැති පුද්ගලයාගේ වමි උරහිස ප්‍රදේශයට වෙඩි වැදි තිබූ බව සදහන් කෙසේ වෙතත් .මොවුන්ගේ තත්වය බරපතල නොවන අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරුකර යවා තිබේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මාළු මිලට ගැනීමට පැමිණි බවට අඟවමින් මෙම වෙඩි තැබීම සිදු කොට පලා ගොස් තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd