සාගල මාතරින් කොළඹට එක්සත් ජාතික පක්ෂ බටහිර කොළඹ ආසනයේ නව සංවිධායකවරයා ලෙස පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා ඒකමතිකව පත් කර තිබේ. 23 May 2023
යුක්රේන ආධාර ගැන රුසියවෙන් ඇමෙරිකාවට චෝදනාවක් ඇමෙරිකා එක්සත් ජනපදය යුක්රේනයට ලබා දුන් ආධාර ගිණුම්ගත කිරීමේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක වැඩිපුර සටහන් වී ඇතැයි රුසියන් ටුඩේ නාලිකාව වාර්තා කර ඇත. 23 May 2023
මෛත්‍රීගෙන් රජයට යෝජනාවක් රටේ මූල්‍ය ප්රශ්නය සමනය වන තුරු අධි සුඛෝපභෝගී වාහන ගෙන්වීම වසර පහකට නවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 May 2023
පේරාදෙණි සිසු විරෝධයට ජල ප්‍රහාරයක් පේරාදෙණිය සරසවි සිසුන් ආරම්භ කළ සිසු විරෝධතා පා ගමනක් නතර කිරීම සඳහා පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කළේය. 23 May 2023
ප්‍රමිත-සියඹලාපිටිය වැඩ බලන්න පත්කරයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත් පත්කරනු ලැබ සිටිති. 23 May 2023
මෙරට සරණාගතයින් විරෝධතාවක ශ්‍රී ලංකාවේ සරණාගතයින් ලෙස වසර ගණනාවක් තිස්සේ ජීවත්වන පවුල් සහ පුද්ගලයින්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලලමින් එම සරණාගතයින් පිරිසක් කොළඹ රොස්මිඩ් පෙදෙසෙහි පිහිටි එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද (23) පෙරවරුවේ සාමකාමී විරෝධතාවක නිරතව සිටි අයුරු මෙහි දැක්වේ . 23 May 2023
මන්ත්‍රි අලි සබ්රි රහීම් රන් සමඟ මාට්ටු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රත්‍රං තොගයක් සමග කටුනායකදී සිය බාරයට ගත් බව කටුනායක ගුවන්තොටුපොළ රේගු අංශය කියයි. 23 May 2023
මාලි පිපිරීමකින් මෙරට සොල්දාදුවෝ හතරකට තුවාල මාලි රාජ්‍යයේ සිදු වූ බෝම්බයක් පිපිරීමකින් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කරන ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයන් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශක ස්ටෙෆන් ඩුජාරික් ප්‍රකාශ කර ඇත. 23 May 2023
කොන්ක්‍රිට් තට්ටුවෙන් වැටී සිසුවා මරුට අපොස සා.පෙළ විභාගයට මෙවර පෙනි සිටින සිසුවෙකු මිතුරන් සමඟ පස්සර මැදවෙලගම ප්‍රදේශයේ මිතුරකුගේ නිවසකට පාඩම් කිරිමට ගොස් සිටියදී නිවසක උඩුමහලේ කොන්ක්‍රීට් තට්ටුවෙන් අඩි 27 ක් පමණ පහළට ඇද වැටී බරපතළ තුවාල ලබා පස්සර රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට මාරු කර යැවිමෙන් අනතුරුව මියගිය බව පස්සර පොලිසිය පවසයි . 23 May 2023
28 වන දේශගුණික විපර්යාස සමුළුවට ජනපතිට ඇරැයුම් එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුව සඳහා (COP 28) සහභාගීවන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නයන් මහතා (Mohammed bin Zayed Al Nahyan) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආරාධනා කර තිබේ. 23 May 2023
නව විදුලි ගාස්තු ජුනි 30 එළියට ජුලි මස 1 වැනිදා සිට බලාත්මක වන නව විදුලි ගාස්තු ජුනි මස 30 වැනි දින ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද (23) පැවසීය. 23 May 2023
මියගිය සටන්කරුවන් සමරන්න සංහිඳියාවේ ස්මාරකයක් ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම් දේශපාලන නොසන්සුන්තාවන් හා සිවිල් කැළැඹීම් වල ප්‍රතිඵලයක් ලෙස මියගිය අය සැමරීම සඳහා ස්මාරකයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 23 May 2023
ආසියාවේ දුප්පත්ම ගොඩට ලංකාවත් වැටෙයි ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවද ඇතුලත් වී ඇති බව යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය පෙන්වා දී ඇත. 23 May 2023
ජනක ඉවත් කරන්න විපක්ෂයෙත් 15ක්? මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත්කිරීමේ යෝජනාවට පක්ෂව සමඟි ජන බලවේගයේ හා තවත් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් 15 දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමේ සූදානමක් පවතින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 23 May 2023
විරැකියාවෙන් දකුණ කප් ගහයි ලංකාවේ වැඩිම විරැකියාව ඇති පළාත බවට දකුණු පළාත පත්ව ඇතැයි ද ලංකාවෙි සෑම දිස්ත්‍රික්කයකටම වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දෙක බැගින් තිබුණත් මාතර දිස්ත්‍රික්කයට ඇත්තේ එක වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පමණක් බවද පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 23 May 2023
අනතුරට පත් චීන නෞකාවේ 7 කගේ සිරුරු හමුවෙයි ඉන්දීය සාගරයේදී අනතුරට පත්ව පෙරැළී ගිය චීන ධීවර නෞකාවේ සේවය කළ කාර්ය මණ්ඩල සාමාජිකයින් 39 දෙනාගෙන් හත් දෙනකුගේ සිරුරු කොටස් සොයා ගැනීමට ශ්‍රී ලාංකික කිමිදුම්කරුවන් සමත් වූ බව චීන මාධ්‍ය වාර්තා කර ඇත. 23 May 2023
අතුරුදන් සරසවි සිසුවා කුරුණෑගලින් හමුවෙයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ අතුරුදහන් වූ බව පැවසෙන සිසුවා සමඟ විශ්ව විද්‍යාල පාලන අධිකාරිය නිරන්තරයෙන්සම්බන්ධතා පවත්වමින් සිටින බවත් ඔහු කුරුණෑගල ප්‍රදේශයේ දැනට රැඳී සිටින බවත් එම විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පවසයි . 23 May 2023
ආයුර්වේද පනත සංශෝධනයට තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට හැකිවන පරිදි කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන සේ ආයුර්වේද පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. 23 May 2023
ලංකාව - සිංගප්පූරුව අතර අවබෝධතා ගිවිසුමක් කාබන් හර කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 23 May 2023
’’කොම්පඤ්ඤ වීදියත්’’ කැබිනට් මණ්ඩලයට කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොම්පඤ්ඤ වීදිය ග්‍රාම නිලධාරී වසම භාෂා තුනෙන් එලෙසම හැඳින්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 23 May 2023
ලක්ෂ 80ක මැණික මාරු කළ දෙදෙනා මාට්ටු මහනුවර පේරාදෙණිය පාරේ විදේශිකයන්ට මැණික් අලෙවිකරන ප්‍රධාන පෙළේ මධ්‍යස්ථානයකට පැමිණ මැණික් මිලදී ගන්නා මුවාවෙන්රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනාමැණික් ගලකට ව්‍යාජ මැණිකක් මාරු කළ දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බවමහනුවර මූලස්ථාන පොලිසිය කියයි . 23 May 2023
නව මහලේකම් කුෂානි වැඩ අරඹයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තුවේ නව මහ ලේකම්වරයා ලෙස පත්කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද(23) නිවේදනය කළේය. 23 May 2023
රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක් මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද( 23) දැනුම් දුන්නේය. 23 May 2023
වී ගොවිතැන කළ යුතු ආකාරය ගැන යුද හමුදාවෙන් ඉල්ලීමක් මෙරට වී අස්වැන්න ඉහළ නැංවීමට නම් රසායනික පොහොර හා කාබනික පොහොර යෙදීම සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලබාදුන් පොහොර නිර්දේශය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නැයි යුද්ධ හමුදාවේ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය අමාත්‍යාංයෙන් ඉල්ලීමක් කර ඇත. 23 May 2023
අද දවසේ කාලගුණ අනාවැකිය නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 23 May 2023
මුදු මාරුවකට කතක් මාට්ටු නව මුදුවක් මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණ රන් ආලේපිත යකඩ මුදුවකට රුපියල් ලක්ෂ දෙකහමාරක් වටිනා මුදුවක් මාරු කරගෙන ගිය කාන්තාවක අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි. 23 May 2023
ජනපති විදෙස් සංචාරයක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සහ ජපානයේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම සදහා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය බාර නිලධාරීවරයා සනාථ කළේය . 23 May 2023
ජෙරම් ගැන මල්වතු නා හිමිගෙන් ජනපතිට ලිපියක් දිවැසිවරයකු ලෙස තමන් හඳුන්වා ගනිමින් ජෙරම් ප්‍රනාන්දු නමැති තැනැත්තකු පටු ආගමික අරමුණු පෙරදැරිව මෙරට ආගමික සංහිඳියාවට දැඩි තර්ජනයක් වන අයුරින් පසුගිය දින ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය හුදු ආකාස්මික සිදුවීමක් ලෙසින් සුළු කොට තැකිය නොහැකි බවත් එය නිසි අණපනත් මගින් නීත්‍යානුකූලව පියවර ගතයුතු සංසිද්ධියක් බවත් සඳහන් කරමින් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහනාහිමියන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවා ඇත. 23 May 2023
මහ කැලේ මැද මහ මඟුලක් කයි පදවිය මුල්මුඩේ ප්‍රදේශයේ ගොවි මහතකු තම පුතුගේ විවාහ මංගල උත්සවය මහා වනාන්තරයක් මැද ඊයේ (21) පවත්වා ඇත. 22 May 2023
නිකන් දුන්න හාල් සජබ සංවිධායක විකුණලා මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ජනතාවට නොමිලේ බෙදා දීමට රජය මගින් දුන් සහල් තොගයකින් කොටසක් සමග ජනබලවේගයේ වල්පාළුව කලාප සංවිධායකයා හොර රහසේ අලෙවි කර ඇති බවට වල්පාළුව සමෘද්ධිලාභීහු චෝදනා කරති. 22 May 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026