(ටී.කේ.ජී.කපිල)
ඕමාන ගුවන් සේවයේ යානයක ව්‍යාපාරික පංතියේ පැමිණි ලෙබනන ජාතිකයකුගේ අත් බෑගයේ තිබූ රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා ඇමෙරිකානු ඩොලර් 14,000 ක මුදලක් ඔහු අසල ගමන් ගත් චීන ජාතිකයකු සොරාගෙන ඇතැයි ගුවන්තොටුපොළ පොලිසිය කියයි.
සැකකාර චීන ජාතිකයා අත් අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය සහ ගුවන් තොටුපොළ සංචාරක පොලිසිය රාත්‍රී ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබේ .
47 හැවිරිදි ලෙබනන ජාතික ව්‍යාපාරිකයකු සිය මවට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඇය සමග කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .
මෙම ව්‍යාපාරිකයා සහ ඔහුගේ මව මෙම ගුවන් යානයේ ව්‍යාපාරික පංතියේ ආසනවල පැමිණ තිබූ අතර , ඔවුන් සමග චීන ජාතිකයකු ඇතුළු තවත් තිදෙනකු ද පැමිණ තිබුණි .
ගුවන් මගීන්ට සුවදායක නින්දකට අවශ්‍ය පසුබිම සකස් කර දීම සඳහා එහි විදුලිය නිවා දමා තිබූ අතර ඒ අවසරයෙන් ලෙබනන ජාතික ව්‍යාපාරිකයාගේ අත් බෑගය විවෘත කර , එහි වූ මුදල් පසුම්බියේ තිබූ ඇමෙරිකානු ඩොලර් 14,000 ක මුදල සොරා ගෙන , ඒ වෙනුවට ඊජිප්තු මුදල් ඒකකයේ පහේ නෝට්ටු 18 ක මිටියක් , එම මුදල් පසුම්බිය තුළට දමා තිබේ .
මේ කිසිවක් නොදත් ලෙබනන ව්‍යාපාරිකයා , ගුවන් යානයෙන් බැස කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ වූ බැංකු වෙත පැමිණියේ සිය ඇමෙරිකානු මුදල් ශ්‍රී ලංකා රුපියල් වලට මාරු කර ගැනීමට යාමේදී මුදල් නොමැති බව දැන ඒ පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ සංචාරක පොලිසිය සහ ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණිළි කිරීමට කටයුතු කර තිබුණි .
2025 දෙසැම්බර් මස 18
21
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන් යානය තුළත් මහ හොරකමක්
සුරංගොඩ Thursday, 14 December 2023 08:13 AM
ව්‍යාපාරික ලෙබනන ජාතිකයෙක් ලංකාවට ඇවිත් තියෙන්නෙ මවට බෙහෙත් ගන්න කියලා තියෙන්නෙ ලංකාවෙ උසස් වෙදකමේ ප්‍රථිපල තියෙනවා කියලා විශ්වාසයක් නිසා තමයි ඒත් අපේ උන්දැලා බෙහෙත් ගන්න යන්නෙ සිංගප්පූරුවෙ රෝහල් වලට නේද .ඒ චීනා මුදල් හොරකම් කලා වගේම තමයි චීන්නු ලංකාවෙ හෙලුවෙන් ඉන්න හොරුත් එක්ක ලංකාව සූරාකෑම කලේ කියන්න පුළුවන්
lankapuatha Thursday, 14 December 2023 08:31 AM
ඔබේ මුදල් එහි තිබූ බව තහවුරු කරන්නේ කෙසේද? ඒක ගත්තේ චයිනස් මෑන් බව තහවුරු කරන්නේ කොහොමද? ඔබ පැවසූ පරිදි වෙනස සිදු වූ බව ඔබට තහවුරු කළ හැකිද?
viraj Thursday, 14 December 2023 10:04 AM
චීන්නු කියන්නේ පල් හොරු
බද්රානි Thursday, 14 December 2023 02:37 PM
ලෙබනන් මනුස්සයාගේ මුදල් චීනා හොරකම් කරන එක ගැන හිතන්න කලින්, චීන්නු එක්ක එකතුවෙලා උඹලගේ පාලකයෝ උඹලාගේ මුදල් මංකොල්ලකෑ එක ගැන හිතා පල්ලා...