IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලෝක ශූරයෝ හරීන් හමු වෙති

(අංජුල මහික වීරරත්න)

ලෝක යොවුන් ස්ක්‍රැබල් ශුරතාවලියේදී ශ්‍රී ලංකාවට කුසලාන පහක් හිමිකර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී  හමු වූහ.

 එංගලන්තය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 17 ක සහභාගීත්වයෙන් තායිලන්තයේ ට්‍රන්ග් (Trang) නුවරදී මෙම තරඟය පැවැත්විණි.

ලෝක කනිෂ්ඨ ස්ක්‍රැබල් ශූරයා ලෙස මහින්ද විද්‍යාලයේ හිවින් දිල්මිත්,දෙවැනි ස්ථානය ගේට්වේ විද්‍යාලයේ අධීෂ දිසානායක, තෙවන ස්ථානය රාජකීය විද්‍යාලයේ කවිඳු මලවරආරච්චි දිනා ගත්හ.

වයස අවුරුදු 18 ට අඩු ක්‍රීඩකයින් සඳහා වසරකට වරක් පැවැත්වෙන ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරතාවලිය WESPA Youth Cup ලෙසද හැඳින්වේ. 

2015 වසරේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැති තරගාවලියේ හොඳම කණ්ඩායම් ශූරතාව ශ්‍රී ලංකාව ප්‍රථම වරට ලබා ගත්තේය. 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ස්ක්‍රැබල් සංගමයේ සභාපති ධම්මික විතාරණ මහතා ඇතුළු එම සංගමයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (3)

ලෝක ශූරයෝ හරීන් හමු වෙති

බී අමරසිංහ Thursday, 14 December 2023 10:17 AM

හොඳ වෙලාවට දිනලා ඇවිල්ලා හම්බ වුනේ. `9න් පහළ ක්‍රිකට් කණ්ඩායම කලින් හම්බ වුනා

:       0       1

අමල් Thursday, 14 December 2023 01:42 PM

මට මුගේ හිරිකිත විරිත්තන කොකේන් මුහුණ දකිනකොට මල්ෂාගේ "චුල්ල වට්ටි" ජාතකය මතක් වෙනවා.

:       1       1

Bamunuarachchi Friday, 15 December 2023 03:18 AM

ළමයිනේ ඔය දේශපාලකයෝ හමුවෙලා උන්ගේ ආශිර්වාද අරන් වැඩක් නැහැ .සමහර විට ඔය ගොයිය හෙට ඔතන නැහැ .නරකද තමන් පුරුදු පුහුණු කල ගුරුවරු ගුරුවරියන් හමුවෙන එක. දේශපාලකයින් හමුවීම තමන්ටම කරගන්න අගෞරවයක්..

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site