IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඉංජිනේරු කොල්ලයි දොස්තර කෙල්ලයි නොගැලපෙන වැඩක් කරලා

(චමින්ද වැවතැන්න සහ පී ශාන්ත බණ්ඩාර)

පාසල් ළමුන් හා කාන්තාවන් යොදාගෙන අසභ්‍ය වීඩියෝපට හා ජායාරූප සකසා අන්තර් ජාලයට මුදාහැර මසකට රුපියල් ලක්ෂයකට වැඩි ආදායමක් ඉපැයීමක් සිදු කර ඇතැයි කියන විශ්ව විද්‍යාල දෙකක අධ්‍යාපන හදාරන සිසුවෙක් හා සිසුවියක් භාණ්ඩ තොගයක් සමග අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය පැවසීය.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිව සිටින 29 පෞද්ගලික විශ්ව විද්‍යාලයක මෘදුකාංග ඉංජිනේරු උපාධි අපේක්ෂකයෙකු හා
රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින රජයේ විශ්ව විද්‍යාලයක ඉගනුම ලබන 29 හැවිරිදි වෝහාරික වෛද්‍ය වේදී උපාධි අපේක්ෂිකාවක් බවත් පොලිසිය පැවසීය.

අත් අඩංගුවට ගෙන ඇති උපාධි අපේක්ෂිත ශිෂ්‍යයා හා ශිෂ්‍යයාව පිළිමතලාව ප්‍රදේශයේ ලැගුම් පොළක සිට ඉතා සූක්ෂම ලෙස මෙම ක්‍රියාව සිදු කර ඇතැයි පොලීසිය කියයි.

 



අදහස් (11)

ඉංජිනේරු කොල්ලයි දොස්තර කෙල්ලයි නොගැලපෙන වැඩක් කරලා

රංබොඩ Thursday, 14 December 2023 12:07 PM

ඉතින් කාට කියන්නද ? පසු කාලීනව මොවුන් නේද සමාජයේ සම්මත උගතුන් කියන්නෙ ?

:       7       129

මැක්ස් Thursday, 14 December 2023 12:45 PM

අරගල භූමියේදී හම්බ උණු ඩබලක් වෙන්න ඇති සම්භාවිතාව බොහොම වැඩියි. මේ තිරිසන් දෙපළ අත්අඩංගුවට ගත් පොලිසියට අපගේ ප්‍රණාමය

:       66       130

Perera Thursday, 14 December 2023 12:55 PM

දේශපාලුවෝ රට හූරන් කාගෙන සල්ලි හම්බ කරනවට වඩා නම් හොඳයි

:       83       28

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 14 December 2023 01:03 PM

විනයක් නැති උගතුන්ගෙන් ලොවට සිදුවන්නේ හානියකි අවැඩකි.

:       3       56

ධර්මරත්නThursday, 14 December 2023 02:08 PM

සමිත හරි ඇත්තටම පොතක් නොකියවා පරණ ප්‍රශ්නෝත්තර කටපාඩම් කරල විභාගයට ලිව්වා කියලා උගතෙක් වෙන්නෙ නැහැ සහතිකය අනුව නම් ලොකුම උගතෙක් බුද්ධිමතෙක් හැටියට සැලකුම් ලබනවා ඒත් ඉතින් ඒකෙ වරදක් කියන්නත් අමාරුයි ගමේ පංසලේ හාමුදුරුවෝ උනත් ඔවුන්ට දෙවැනි නැහැ ඒත් ඒ කිසිවෙකුට වැරදියි කියන්න බැහැ මොකද සමාජය මේ තත්වයට පත්කලේ රට කාපු දේශපාලුවො හා උන්ගෙ හෙංචයියො නිසා .ජනතාව දරිද්‍රතාවයෙන් පෙලෙනකොට කරන්නෙ බල්ලො මරල හරි ආදායම් සොයන්න තමයි ඉතින් සම්පූර්ණයෙන්ම සමාජයේ සංශෝධනයක් නොකර රට හදන්න නම් බැහැ

:       4       19

Chinthaka Thursday, 14 December 2023 01:57 PM

උගත්කම තියෙයි, සාරදර්ම වැනසෙයි., ශිෂ්‍යභාවය අහෝසි කරන්න තියෙන්නේ

:       3       51

අපිත් ආසයි Thursday, 14 December 2023 01:59 PM

ඇත්තටම පාසල් නිල ඇඳුම් ඇඳගෙන රගපාන්නේ උන් දෙන්නයි තව යාලු එකියකුයි. අපිත් බලනවා නිකං දෙන නිසා. වැඩේ හොඳයි.

:       87       18

Dulip Thursday, 14 December 2023 02:34 PM

මොහු ඉංජිනේරුවකුවත් ඇය වෛද්යවරියක්වත් නොවේ. සමාජයේ වුර්ත්තිකයන් පිලිබඳ පවතින අකෘතඥ, කුහක සහ ද්වේශ සහගත ආකල්පය යොදාගෙන පාඨකයන් නොමග යැවීම චමින්ද වැවතැන්න සහ ශාන්ත බණ්ඩාරට සුදුසු නොවේ. "පාසල් ළමුන් හා කාන්තාවන් යොදාගෙන" යන යෙදුම පවා අසත්‍යයකි.

:       81       63

lankaputha Thursday, 14 December 2023 02:35 PM

අවුරුදු 29 සිසුන්... සිදුවිය නොහැක

:       62       21

pakeer Thursday, 14 December 2023 04:19 PM

පදුරකට පයින් ගැහුවොත් දැන් විසි වෙන්නෙ පරිගනක මෘදුකාංගා ඉන්ජිනෙරුවො...ඉන්ජිනෙරුවන්ට ගිය කල...අනික අවුරුදු 29 ක දොස්තර කෙනෙක්ට ඉගෙන ගන්නව කියන එක විස්වාස කරන්න බැහැ.

:       0       10

Sugath Thursday, 14 December 2023 05:30 PM

දැන් තියෙන්නේ බල්ලෝ මරලා හරි සල්ලි හොයපල්ලා කියන ආර්ථිකයක්. එකෙකුට දෙන්නෙකුට බනින්න කලින් හිතන්න ඕනෑ මේ රට මෙතැනට ගෙනාවේ කව්ද කියන එක​...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 38 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 127 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site