පාඨලීගෙ පක්ෂය කරලියට අප එක්සත් ජනරජ පෙරමුණ වේදිකාව බිහි කළේ බයියන්ට, ටොයියන්ට,නොව වැඩ්ඩන්ට යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පක රණවක මහතා පැවැසීය. 22 May 2023
පේරාදෙණි සරසවි සිසුවෙක් අතුරුදහන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ තුන්වැනි වසරේ ශිෂ්‍යයකු අතුරුදන්වී ඇතැයි පේරාදෙණිය පොලිසිය කියයි. 22 May 2023
බේකරි හිමියාට පිහි පහර ගල්කිස්ස ගාලු පාරේ රත්මලානේ පිහිටි බේකරි හිමියකුට බේකරිය තුළදී පිහියකින් ඇන ඝාතනය කර ඝාතකයා පලාගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලීසිය පවසයි. 22 May 2023
අල්ලන්න ගිය සැකකරු ඉහළ මහලෙන් බිමට පැනලා කොළඹ සන්දිය උයන මහල් නිවාස සංකීර්ණය 8 වැනි මහලේ රැඳී සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට උත්සහා කළ අවස්ථාවේදී ඔහු එම මහලේන් බිමට පැනීම නිසා බරපතළ තුවාල ලබා ඇතැයි මිහිජය සෙවණ පොලිසිය පවසයි. 22 May 2023
බණ්ඩාරවෙළදී සිසුන් දෙදෙනකුට අමානුෂික ප්‍රහාරයක් මෙවර අපොස සාපෙල විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් පැවති ගනිත සම්මන්ත්‍රණයකට සහභාගි වූ බණ්ඩාරවෙල නගරයේ ප්‍රසිද්ධ පාසල් දෙකක සිසුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහර දුන්නැයි සැකපිට බණ්ඩාරවෙල නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් තිදෙනකු අද (22) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි . 22 May 2023
චිත්‍රපට සංස්ථාව කොමිසමක් වෙයි ජාතික චිත්‍රපටි සංස්ථාව ජාතික චිත්‍රපට නියාමන කොමිසම බවට පත් කිරීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත මේ වන විට සකස් කර අවසන් බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 22 May 2023
උපන් ඇඳුමින් වෙළෙඳසලක් බිඳලා වාරියපොල නගරයේ වෙළද සැල් දෙකක් අද (22) අළුයම නිරුවතින් පැමිණි සොරෙකු විසින් බිද ඇතැයි වාරියපොල පොලිසිය කියයි. 22 May 2023
චීනාගෙන් ප්‍රශ්න කරයි ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුලු වූ චීන ජාතිකයාගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රශ්න කරමින් සිටියි. 22 May 2023
ජනපති සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (23) අළුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. 22 May 2023
ජනක යටි අරමුණකින් වැඩ කරනවා ස්වාධීන කොමිෂන්වලට පත්කළ යුත්තේ දේශපාලන මතයකින් තොරව ස්වාධීනව කටයුතු කරන පුද්ගලයින් බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා දේශපාලන යටි අරමුණකින් කටයුතු කරනවාද යන සැකය ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (22) පැවසීය. 22 May 2023
ඉතාලියේ අනතුරකින් ලාංකිකයෙක් මරුට ඉතාලියේ බෙර්ගමෝ නගරයේදි සිදු වු රිය අනතුරකින් ශ්‍රි ලාංකිකයකු මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි 22 May 2023
සංගීතෙට වෙඩි තැබූ දෙකක් අල්ලයි ගාල්ල දඩල්ල ප්‍රදේශ පැවැති ඩී ජේ සංගීත ප්‍රසංගයක් අතරතුර වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර , තවත් පුද්ගලයකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු ගාල්ල පියදිගම ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතන හා සංවිධාන්මක අපරාධ කොට්ඨාස අද (22) අත්අඩංගුවට ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. 22 May 2023
හෙරෝයින් ග්‍රෑම් දෙකට දිවි ඇති තෙක් හිරගෙට හෙරොයින් ග්රූම් 02 ක් ලඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (22) නියම කළේය. 22 May 2023
අර්ධ ශතකයක් ගත් රාහුල සිසුවාට මැර ප්‍රහාරයක් මහනුවර සුමංගල විදුහලත් කටුගස්තොට රාහුල විදුහලත් අතර පැවති මහා ක්‍රිකට් තරගයේදී රාහුල විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් රැස් කළ ක්රීඩකයකුට කිසියම් පිරිසක් මැර ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එම ක්‍රීඩකයා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇතැයි පොලිසිය කියයි. 22 May 2023
‘‘තර්ජන ගර්ජනවලට මා බය නෑ‘‘ මොන තර්ජනය එල්ල වුවද තමන් මත්කුඩු සහ පාතාල මර්දන කටයුතු ඒ අයුරින්ම සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. 22 May 2023
සරසවි කාන්තා වැසිකිළියට රිංගූ හොරා රිමාන්ඩ් කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙසින් පෙනී සිට එහි කාන්තා වැසිකිලියට ඇතුලු වී නිති පීඨයේ මහාචාර්යවරියකගේ අත්බෑගයේ තිබූ රුපියල් දහතුන්දහසක මුදලක් සොරා ගත්තැයි කුරුදුවත්ත පොලීසිය අත්අඩංගුවට ගත් තරුණයකු ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (22) නියෝග කළේය. 22 May 2023
කැස්බෑ මස් කිලෝ 206ක් - සැකකරුවන් දෙකක් අල්ලයි මන්නාරම සිලාවතුර අරිප්පු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජීවී කැස්බෑවන් දෙදෙනෙක් ඇතුළු කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. 22 May 2023
එජාප අලුත් වැඩකට අත ගසයි එක්සත් ජාතික පක්ෂයේ සියලුම දිස්ත්‍රික්කවල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පුහුණු කිරීමේ සහ පත්වීම් ලබා දීමේ වැඩසටහන් මාලාවේ පළමුවෙනි වැඩසටහනට ගාල්ලේ ’’රැඩිසන් බ්ලු’’ හෝටලයේ දී පැවැත්විණි. 22 May 2023
පාකිස්තාන අයිස් ලංකාවට-ඉන්දියාවට බෙදන්න බැරිවෙයි ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට බෙදාහැරීම සඳහා පාකිස්තානයේදී ඇසුරුම් කරන ලද අයිස් මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2500 ක් සහ එම මත්ද්‍රව්‍ය රැගෙන යාත්‍රා කරමින් තිබූ විශාල යාත්‍රාව අත් අඩංගුවට ගැනීමට ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය සහ ඉන්දීය නාවික හමුදාව සමත් වී ඇත. 22 May 2023
සිනොපෙක් තෙල් බෙදන්නේ මෙහෙමයි ශ්‍රී ලංකාව සඳහා ස්ථාවර සහ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක් සමාගම සමඟ ගිවිසුමකට එළැඹීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 22 May 2023
කොමිස් නැති නිසා චීන ව්‍යාපෘති පමා කළාද? බෙයිජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්රමුඛ පෙළේ චීන සමාගම් වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති ආයෝජන අවස්ථා පිළිබඳ යෝජනා රාශියක් මන්දගාමී වී හෝ අසාර්ථක වී ඇත්තේ මෙරට සිටින නිසි බලධාරීන් එම යෝජනාවන්ට අදාල ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට ප්‍රමාද වීම නිසාවෙන් බව ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත. 22 May 2023
එජානිස මහ ලේකම් අර්බුදයට මැකෝගේ තීරණය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධූරය සම්බන්ධයෙන් අධිකරණය තීන්දුක් ලබා දෙන තෙක් කිසිදු ලේකම්වරයකු පිළිනොගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව එම පක්ෂයට දිනුම්දී තිබේ. 22 May 2023
සාපෙළ පන්ති අදින් අවසන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2022 විභෘගයට අදාලව උපකාර පනති හා සම්මන්ත්රණ ආදිය පැවැත්වීම අද මධ්‍යම රාත්‍රී 12න් පසු විභාගය අවසන්වනතුරු තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. 22 May 2023
පොහොර ගන්න වවුචර දීම අරඹයි ගොවි ජනතාව කුඹුරු වගාවෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව බුද්ධි අංශ තහවුරු කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 22 May 2023
ජනකට පක්ෂ රැසක සහාය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට දේශපාලන පක්ෂ රැසක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත. 22 May 2023
තමන්ගේ හදවත බලන්න ගිහිල්ලා මීට වසර 16 කට පෙර බ්‍රිතාන්‍ය ජාතික ජෙනිෆර් සට්න් නම් කාන්තාවගේ ශරීරයෙන් ඉවත් කළ හෘදය වස්තුව ලන්ඩන් නුවර හන්ටේරියන් කෞතුකාගාරයේදී නැවත වරක් වසර 16 කට පසු එම කාන්තාවට මුණගැසී ඇත. 22 May 2023
භාණ්ඩාගාර ලේකම්ට එරෙහි තීන්දුව පසුවට භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කළ ප්‍රතිපාදන රඳවා තබා ගැනීමට එරෙහිව අධිකරණයෙන් නිකුත් කළ අතුරු නියෝගය අනුව කටයුතු නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි සඳහන් කරමින් ගොනු කර තිබූ පෙත්සම විභාගයට ගන්නවාද? නැද්ද? පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය පසුවට කල් තැබීය. 22 May 2023
සිවුරක් සොරාගත් මදුරු මර්දන සහයක දැලේ කළුතර බෝධියේ පහත මළුවේ විහාර මන්දිරයට පූජා කර තිබූ සිවුරක් සොරා ගත් මදුරු මර්දන සහායකයෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි. 22 May 2023
පියා තෙහැවිරිදි දරුවා පොළොවේ ගහලා තම තුන් හැවිරිදි දරැවා උස්සා පොලවේ ගැසූ බව කියන පියකු අවිස්සාවේල්ල ඉහල තල්දූව ප්‍රදේශයේ දී අද අත් අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 22 May 2023
සිනෝපෙක් සමඟ ගිවිසුම් ගත වෙයි ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන ගිවිසුමකට චීනයේ සිනෝපෙක් සමාගම සමඟ ගිවිසුම අද (22) අත්සන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. 22 May 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026