(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වයඹ විශ්වවිද්‍යාලයේ විභාග පැවැත්වීම සම්බන්ධ අකටයුතුකම් නිසා මේ වන විට සිසුන් පහළොවකට වැඩි පිරිසක් උපාධිය සම්පූර්ණ නොකර විශ්වවිද්‍යාලය හැරගොස් ඇති බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
වරක් ප්‍රතිඵල නිකුත් කිරීමේදී අවසන් විභාගයට මුහුණ දුන් සිසුන් පිරිසගේ ප්‍රතිඵල වැරදීමකින් අත්හිටුවා ඇති අතර විභාගය සඳහා මුහුණ නොදුන් පිරිසකට ප්‍රතිඵල ලැබී තිබෙන බව සිසුන් පවසන්නේ යැයි ද දිසානායක මහතා කීය.
මේ පිළිබඳව පාලන අධිකාරිය දැනුවත් කළ පසුව 3 වසර අධ්‍යයන කටයුතු හදාරමින් සිටි සිසුන් 29 දෙනකුගේ නම් එම වසරේ අධ්‍යයන කටයුතු හැදෑරීමට නොහැකි සිසුන් ලෙස නම්කර ඇති බවද දිසානායක මහතා පැවසීය.
වයඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන්ට තෙවන වසර අධ්‍යයන කටයුතු හැදෑරීම සඳහා අනිවාර්ය වශයෙන් සමස්ත Gpa අගය 2+ ට වඩා වැඩි විය යුතු බවට කොන්දේසියක් පනවා තිබීම හේතුවෙන් සිසුන් රැසකට අසාධාරණයක් සිදුවී ඇති බව ද දිසානායක මහතා කීය.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසූයේ මේ ගැටලුව සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පිළිතුරක් එවා තිබෙන අතර ඊට අමතරව තවදුරටත් මේ කාරණා පරීක්ෂා කොට මෙවැනි සිදුවීම් යළි නොවන්නට සහ අනාගතයේ ගත හැකි පියවර මොනවාදැයි දැනුම් දෙන ලෙස තමා ඉල්ලා තිබෙන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විභාග අලකලංචි නිසා නොවෙයි පාහර ජෙප්පෝ නිසා. විභාග අලකලංචි වල මුල කාලකන්නි ජෙප්පෝ
විශ්වවිඩ්යල තියෙන්නෙ වඩිඩුර ඉගෙනගනිම පිනිස මිස, කිසිවෙකුට එහි නවතන්ගෙන ඩෙශපලනය කිරිමට නෙමේ. ඔනෙ තරම් දක්ශ ලමයි ඉන්නව අවස්ථාවක් නොමතිව. ඒ් නිසා අධ්‍යන කටයුතුවල ප්‍රගතියක් නොමති ලමයින්ව එම වසරෙම නවතා බිමෙ වරදක් නැහැ. මැට්ටො විශ්වවිද්‍යල වලින් එලියට ගියාම වෙනදේ හිතාගන්න පුලුවන්නෙ. දැනටමත් අපේ රටෙ රාජ්ය සේවය ගැන දන්නවනෙ.
මේ හාල්පාරු ජෙප්පෝ තමයි දරුවන්ගේ අනාගතය විනාශ කරන්නේ...! මේ වසලයන්ගේ එකම අභිප්‍රාය රට විනාශ වෙනවා දැකීමයි.
බොලාගේ කෙරුවාව කවුරුත් දන්නවා...!
මේ ජෙප්පොයි පෙරෙට්ටොයි නිසා තමයි මේ රටේ ළමයින්ට ඉගනගන්න බැරි. හැමදාම මේ පාහරයො කරන්නෙ මොකක් හරි මගුල් හේතුවක් පෙන්නල ළමයි පාරට ගන්න එක. මුන්ට ඕක කරන්න බෑෑ වෛද්‍ය විද්‍යාලයේ, මොකද ඒ අය එක්ක මුන්ට ඉංග්‍රීසියෙන් කතාකරන්න බැහැ. අනිකා තමයි අර පාහර ස්ටාලින් තට්ටයා.
මේ අය දන්න දෙයක් නෑ. විශ්ව විද්‍යාලයේ මොනවද උගන්වන්නේ..? ඔක්කොම මෝඩ හරක් තමයි.. ඕවායේ ඉන්නේ. සුපිරි වැඩකාරයෝ ඕවට යන්නේ නෑ. මේ අයගේ තියෙන්නේ උගත් මාන්නේ... නුඹලාට සල්ලිවලින් ගහලා මකබාවන්නේ අපි...!