(ආරියරත්න රණබාහු)
ගල්කිස්ස මහ හෝටලයේ ඊයේ (12) රාත්‍රී පැවැති 2022 වසරේ ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළලේදී ලංකාදීප පුවත්පතට විශිෂ්ටතා සම්මාන තුනක් සහ එක් කුසලතා සම්මානයක් හිමි විය.
වසරේ හොඳම පිටු නිර්මාණකරණයට හිමි විශිෂ්ටතා සම්මානය ද ලංකාදීප පුවත්පත විසින් දිනා ගනු ලැබීය.
වසරේ හොඳම ප්‍රවෘත්ති/නිර්මාණය කළ වෙබ් අඩවියට හිමි විශිෂ්ටතා සම්මානය lankadeepa.lk වෙබ් අඩවියට හිමි වූ අතර වසරේ හොඳම සෞඛ්‍ය රැකවරණය හා වෛද්‍ය තොරතුරු වාර්තාකරණයට හිමි සම්මානය ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදිනි මාධවී ධර්මරත්න මහත්මිය විසින් දිනා ගනු ලැබීය.
වසරේ හොඳම පරිසර වාර්තාකරණයට හිමි කුසලතා සම්මානය ඉරිදා ලංකාදිපය වෙනුවෙන් ප්‍රගීත් සම්පත් කරුණාතිලක මහතාට හිමි විය.
ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ සංවිධායකත්වයෙන් 24 වැනි වතාවට මෙම සම්මාන උත්සවය පැවැත්විණි.
24 වන ජනමාධ්‍ය සම්මාන උළෙලේ ගල්කිස්ස හෝටලයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ජනමාධ්‍ය උළෙලේ දී ලංකාදීපයට විශිෂ්ටතා සම්මාන තුනක්
රංබොඩ Wednesday, 13 December 2023 04:06 PM
උණුසුම් සුබ පැතුම්...! ලංකාදීප...!
නිට්ටඹුවේ, ශාන්ත ප්‍රේමසිරි Wednesday, 13 December 2023 05:03 PM
කාටුන්, තීරුලිපි, විමසුම් මෙරට ගැන සමබර ලෙසින් අදහස් පොදි අපට දෙන කතුවැකියෙන් පවා ජන මන පුබුද වන ලංකාදීප ජය ගමනකි, පෙරට යන...!
සදා නාවලගේ Wednesday, 13 December 2023 07:18 PM
සෙනෙහබර සකිය, උතුර උතුරා වාන්දමන ගෞරවණීය සුභපැතුම්!!!
GEETHANGANI GUNASEKARA Thursday, 14 December 2023 10:56 AM
මාධවී ධර්මරත්නට සුභ පැතුම්
anuranga Tuesday, 09 January 2024 10:19 PM
සෙනෙහබර සුභ පැතුම් ලංකාදීප...!
නාල්ස් නිශ්ශංක Monday, 17 June 2024 11:31 PM
ජයෙන් ජය පතමු- තවත් ඉදිරියට යන්නට!