IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලංකා සතොසට නිකුත් කරන ඉන්දීය බිත්තර ප්‍රමාණය වැඩි කරයි

 (මහින්ද    නිශ්ශංක)

ලංකා සතොසට නිකුත් කරන ආනයනය බිත්තර ප්‍රමාණය අද (13) සිට ලක්ෂ 20 දක්වා වැඩි කළ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.

මෙතෙක් සතොසට නිකුත් කරනු ලැබුවේ බිත්තර ලක්ෂ 10 බැගින් බවත් පැවසූ සභාපති ආසිරි මහතා දේශීය බිත්තර මිල ඉහළ යෑම පාලනය කිරීමත් නත්තල් සමයේ ජනතාවට අවශ්‍ය බිත්තර

හිගයකින් තොරව ලබා ගැනීමට හැකි වන පරිදි සතොසට නිකුත් කරන බිත්තර ප්‍රමාණය වැඩි කළ බවද කීය.

මේ මාසයේදී ඉන්දියාවෙන් බිත්තර ලක්ෂ 300 ක් ආනයනය කිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට අවසර ලැබී තිබෙන බවත් පෙරේදා (12) බිත්තර ලක්ෂ 100 ක් ලැබුණු බවත් සභාපති පැවසීය.

මේ වනවිට ආනයනික බිත්තර ලක්ෂ 70 ක් සංස්ථාවේ ශීතාගාරවල ගබඩා කර ඇතැයි පැවසූ සභාපති ආසිරි වලිසුන්දර මහතා වෙළෙද අමාත්‍ය නලීන් පුනාන්දු මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ක්‍රියාත්මක කෙරෙන බවත් කීහ.

 

 



අදහස් (0)

ලංකා සතොසට නිකුත් කරන ඉන්දීය බිත්තර ප්‍රමාණය වැඩි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site