(මහින්ද නිශ්ශංක)
ලංකා සතොසට නිකුත් කරන ආනයනය බිත්තර ප්‍රමාණය අද (13) සිට ලක්ෂ 20 දක්වා වැඩි කළ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.
මෙතෙක් සතොසට නිකුත් කරනු ලැබුවේ බිත්තර ලක්ෂ 10 බැගින් බවත් පැවසූ සභාපති ආසිරි මහතා දේශීය බිත්තර මිල ඉහළ යෑම පාලනය කිරීමත් නත්තල් සමයේ ජනතාවට අවශ්‍ය බිත්තර
හිගයකින් තොරව ලබා ගැනීමට හැකි වන පරිදි සතොසට නිකුත් කරන බිත්තර ප්‍රමාණය වැඩි කළ බවද කීය.
මේ මාසයේදී ඉන්දියාවෙන් බිත්තර ලක්ෂ 300 ක් ආනයනය කිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට අවසර ලැබී තිබෙන බවත් පෙරේදා (12) බිත්තර ලක්ෂ 100 ක් ලැබුණු බවත් සභාපති පැවසීය.
මේ වනවිට ආනයනික බිත්තර ලක්ෂ 70 ක් සංස්ථාවේ ශීතාගාරවල ගබඩා කර ඇතැයි පැවසූ සභාපති ආසිරි වලිසුන්දර මහතා වෙළෙද අමාත්‍ය නලීන් පුනාන්දු මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ක්‍රියාත්මක කෙරෙන බවත් කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd