(අංජුල මහික වීරරත්න)
දුම්රිය කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රත්මලාන දුම්රිය ඩීසල් බලවේග කට්ටල කර්මාන්ත ශාලාව සැලසුම් කර ඉදිරි කිරීමේ කොන්ත්‍රාත්තුව චීන සමාගමකට ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අදාල කොන්ත්‍රාත්තුව සඳහා ජාත්‍යන්තර ලංසු කැඳවා ඇති අතර ඊට ලංසු නවයක් ඉදිරිපත් වී ඇතැයි ද ඉන් ලංසු දෙකක් ප්‍රතික්ෂේප වූ බවද රජය පවසයි.
ඉතිරි ලංසු 7 ඇගැයීමට ලක් කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි අවම මිල ගණන් ඉදිරිපත් කර ඇති චයිනා සිවිල් ඉංජිනියරින් කන්ස්ට්‍රක්ෂන් සමාගම වෙත එකී කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව ලැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමටියේ සාමාජිකයින් කවුද....