( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු වැල්ලම්පිටිය උමගිලිය ක්‍රීඩාංගනය අසලදී කායවර්ධන උපදේශකවරයෙකුට වෙඩි තබා ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් ඔහුගේ දිවි අනූනමෙන් බේරී ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි
වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ වැල්ලම්පිටිය ශ්‍රී ආනන්දාරාම මාවත පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි
එම පුද්ගලයා මිතුරන් කීපදෙනෙකු හමුවීම සඳහා උමගිලිය ක්‍රීඩාංගනය අසලට පැමිණ සිටියදී කොලොන්නාව දෙස සිට සුදු පැහැති ආරක්ෂක හිස් වැසුම් පැළඳ කළු පැහැති යතුරුපැදියකින්, කළු පැහැති ජැකට් පැළඳ පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඔහු ඉලක්කකර කළු පැහැති ගිනි අවියකින් වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd