(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආර්ථිකයට පැලැස්තර ගසා විසඳුම් හොයන්නට බැරි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටට මේ අර්බුදය ඇතිවූයේ පැලැස්තර විසඳුම් නිසා බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ එදා නායකත්වය බාර නොගත්තා නම් අද මේ පාර්ලිමේන්තුව අලු ගොඩක් බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
අද ආර්ථිකයේ ඔපරේෂන් එක හරි ගොස් ඇති අතර ලෙඩත් නොමැරී ජීවත් කරන්නට හැකියාව ලැබුණු බව ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.
මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මහජනයාට දුක් දීලා පාටි දානවලු නේද? අමනකම් අපි හැමදාම ඉවසයි කියලා නම් හිතන්න එපා... වැට් වලට අත් උස්සපු අමන, පොහොට්ටු හැතිකරේ ඡන්දේ ඉල්ලාගෙන වරෙව්කෝ ගම්පළාතට, ඉදලෙන්, කොස්සෙන් සලකන්නේ...!
ශෙහාන් දන්න ආර්ථිකේ... මෙයාලා නිකන් රනිල්ගේ කොල්ලෝ විතරයි...
පැලැස්තර විසඳුම් එපා... පිං ජනාධිපතිවරයා සහ තක්කඩි ගෝලයෝ සියලුදෙනා සමග පාර්ලිමේන්තු හැතිකරේ සදහටම තොලොන්චි වෙලා යන්න...!
කතා කරද්දී නම් ඔක්කොම ආර්ථික ඔස්තාර්ලා.. රටේ මෝඩයින්ව අන්දලා එවුන්, පොහොසත් වෙලා ජනතාව හිඟන්නෝ කරපු එක තමයි ඔය ඔක්කොමලා කලේ... බල්ලෝ මරලා හරි සල්ලි හොයන ආර්ථිකේනේ ඔය ඔස්තාර්ලා දන්නේ.. ජනතාවත් දැන් ඒ ආර්ථික ක්‍රමයට හුරුවෙලා ඉවරයි...!
රනිල් හොරා ව හිරේ යවන්කන් නින්ද යන්නේ නැහැ කියපු කෙනා නේද මේ ? අන්තිමට මහබැංකු හොරුයි සිනි බදු හොරුයි එකතුවෙලා හොඳට මගුල් කනවා ඔක්කොම බර ටික දුප්පත් මිනිසුන්ගේ කරපිටට දාල
නිදහසින් පස්සෙ තම තමන්ගෙ බල ලෝභිත්වය මත මිනිස්සු නොමගයවා ඇති කල බඩජාරි කම නිසා තමයි මේ රට මෙතරම් පහත් තත්වයට පත්වුනේ හිටපු පාලකයො කලේ බිලීපිත්තක් නොදී මාලු අල්ලාදිම නිසා තමයි මෙහෙම වුනේ උදාහරණයක් හැටියට ගල් ඔය සංවර්ධනය කරද්දී මැලේරියාව හදල මිනිස්සු මරන්න හදනවා කියලා කියපු ඔස්තාර්ලා 1952 සහල් මිල වැඩිකලා කියලා රටේ උද්ඝෝෂණයක් කලා එහෙම මිනිස්සු තමන්ට බලය ලැබුණු 1970-77 කාලයේ මිනිස්සුන්ට කනවාට (දෙදිනක් බත් කෑම තහනම් කලා ) තහනම් කලා නිදහසින් පස්සෙ ජනතාව සංවර්ධනය සදහා යොමුනොකර නිකම්ම කන්න පුරුදු කලා නිකං හාල් දුන්නා හදෙන් හාල් ගෙනවිත් දෙනවා කියලා රැවටීමක් කලා ඇට අටක් දුන්නා තුනයි පනහට පාන් ගෙඩියක් පොරොන්දු වුනා පොතේ ක්‍රමයට බලය ගන්න කැරලි ගැසුවා කර්මාන්ත ශාලා විශාල වශයෙන් විනාශ කලා සේවකයින් එළියට බස්සවා සංවර්ධන කටයුතු අඩාල කලා ජාති භේදය වපුරා අවුරුදු තිහක් යුද්ධය ඇතිකලා නූගතුන් ලක්ෂයකට රජයේ රැකියා දීමට කටයුතු කලා තරුණ ශ්‍රමය ත්‍රීවීලර් වලට යටකලා රටේ සංවර්ධනය නැතුව රට අගාධයකට වැටුනා.ගිය දේවල් ඇතුන්ටවත් අදින්න බැහැ එනිසා දැන්වත් රටේ සංවර්ධනය වෙනුවෙන් සුදුසු සැලසුම් සසකසා රට හදන්න උනන්දු