(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දේශපාලන බලයට ඇති තණ්හාව මැතිවරණ කාලයට පමණක් සීමා කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
බලය ලබා ගැනීම සඳහා දේශපාලකයන් ජනතාව ඉදිරියේ මවන සුරංගනා කතා ගැන ජනතාව පරිස්සම් විය යුතු බව කී ජනාධිපතිවරයා එවැනි දේවල් වලින් වන්නේ රට නැවත බංකොලොත්භාවය කරා ඇදගෙන යාමට මග පෑදීම බව සඳහන් කළේය.
අයවැය විවාදයේ අවසන් දිනයේ පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
රට ගොඩ නැංවීම සඳහා වන දෙවැනි ණය වාරිකය අනුමත කළ බව මූල්‍ය අරමුදල නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.
අභියෝගාත්මක ගමනට නායකත්වය දෙන්නට හැකිවීම ගැන මා තුළ ඉහතමානී සතුටක් තිබෙනවා. දැන් පාර්ලිමේන්තුව අමතන වීරයෝ ,නායකයෝ කිසි කෙනෙක්ට ඉස්සරහට එන්න ධෛර්යයක් තිබුණේ නැහැ. මට තිබුණේ අධිෂ්ඨානය සහ සැලසුම් විතරයි.වැල් පාලමේ ගමන ගැන සමහරු උපහාසයෙන් කතා කළා. නමුත් ජනතාව අපහසුවෙන් වුවද කැපකිරීම් කළා.
මා ගත් සමහර දුෂ්කර තීරණ ජනතාව අපහසුවෙන් වුවත් විඳදරා ගත්තා. සියලු දෙනා වින්ද දුක් කරදර වල ප්‍රතිඵල ලෙස රට බංකොලොත් බවින් මුදා ගන්නට දැන් හැකියාව තිබෙනවා. ඒ සියලු දෙනා රටේ ගමනේ සාඩම්බර කොටස්කරුවන්. ලොව බොහෝ රටවල් බංකොලොත් බවට පත්වීමට ගත වූ කාලයට වඩා අඩු කලකින් අපට ඒ බංකොලොත් ලේබලයෙන් මිදෙන්නට හැකියාව ලැබුණා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සල්ලා ජන්දේ තියන්න එපැයි. ඉස්සරහට එන්න ඕනේ මිනිස්සු ඉස්සරහට ආවා. මොකෝ තමුන් නිතරගයෙන් පත් උනේ නෑනේ. ඩලස් සහ අනුරත් තරග කරා. ඒත් හොරු ටික රකින්න සුදුසු කෙනාව තමයි හොරු ටික ජන්දේ දීලා පත් කලේ. පාලු ගෙවල් වල ඉදන් වළං බිදින්නෙ නැතිව පිරිමියෙක් විදියට බැරිනම් ගෑනියෙක් විදියට වත් එනවකො ජන්දෙකට. දෙකටම නැති එකෙක් වගෙ සාටකෙට මුවා වෙන්නෙ නැතුව
එදා බලය හුවමාරු වුනේ හොරුන් අතර. ඒ නිසාමයි මේ පින් ජනාධිපති දුරය ඔයාට දුන්නේ. හොරුන් කවදාවත් අනුරට බලය දෙන්න නැහැ. ඒ නිසා කොව්රුත් එදා ඉදිරිපත් වුනේ නැහැ කියන එක මෝඩ කතා.
ආචාරය !!!
දැන් ඉතින් ඇතිනේ ඡන්දයක් තියලා විශ්‍රාම ගන්න...!
දේශපාලන බලයට ඇති තණ්හාව 226 ටම අසීමිතව ඇත. රට බංකොළොත් බවින් මිදෙන්නට පොතට හැකියාව ලැබුණට, ජනතාව තාමත් අපහසුවෙන් කැපකිරීම් කරමින් සහ අපහසුවෙන් වුවත් විඳදරා ගනිමින් සිටිනවා. කොටින්ම, ජනතාව තාමත් බංකොළොත්... ජනතාව සියලු දෙනා වින්ද දුක් කරදරවල ප්‍රතිඵල ලෙස, පිං ජනාධිපතිවරයා සහ තක්කඩි ගෝලයෝ සියලුදෙනා සමග පාර්ලිමේතු හැතිකරේ සදහටම තොලොන්චි වෙනවා.!!! ටිකක් ඉන්න...
ඕක කියන්න කණ්ණාඩියක් ඉස්සරහට ගිහින්. පිස්සු කියලා තේරෙන්නේ නැහැනේ...
නියමිත කාලයට තියන්න තිබ්බ පළාත් පාලන ඡන්දේ තමයි ඔහේ ... චක්‍රලේඛන ගහලා... කල්දාගත්තේ...!
අපිට ජන්දයක් දෙන්ඩකෝ , මග බලගෙන ඉන්නෙ දෙන්ඩ දුවන්ඩ
රාජපක්ෂ හොරුන් හොරාකාපු ඒවා ගත්තා නම් රට ගොඩ...
මූට තියන බල තණ්හාව මැතිවරණ වලට සීමා නොවුන මුගේ ලේවල තියන එකක්