දිනුකිගේ අරංගේත්රම් ප්‍රසංගය අද ප්‍රියදර්ශනී ගීකියනගේ බණ්ඩාරගේ ශිෂ්‍යාවක මෙන්ම කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලබන දිනුකි නෙතාරා වලතරආරච්චිගේ භරත නාට්‍ය අරංගේත්රම් ප්‍රසංගය බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී අද සවස 6.00ට පැවැත්වේ. 27 October 2023
චීනයේ හිටපු අගමැති ලී කෙකියැං අභාවප්‍රාප්ත වෙයි චීනයේ හිටපු අග්‍රාමාත්‍ය ලී කෙකියැං හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 68 කි. 27 October 2023
වීසා නැතිව කුවේට් සිටි ලාංකික 28 ක් පිටුවහල් කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව , දීර්ඝ කාළයක් නීතිවිරෝධී ලෙස රැදී සිටිමින් , එරට පිටස්තර විවිධ ස්ථාන වල සේවයේ නිරත වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 28 දෙනෙකු අද 27 දින එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි . 27 October 2023
පාපන්දු ක්‍රීඩකයෙක් ඇද වැටී මියගිහින් පාපන්දු ක්‍රීඩා කරමින් සිටි ක්‍රීඩකයෙකු ඊයෙ රාත්‍රි හදිසියේ ඇදවැටී මියගොස් ඇති බව පානදුර උතුර පොලිසිය කීය. 27 October 2023
ශ්‍රී ලංකාවට ඩොලර් ගේන්න මිලානෝ ශ්‍රී ලාංකිකයෝ එකතු වෙති මිලානෝ මහ නගර සභාවේ පූර්ණ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හා මිලානෝ ලොම්බාර්දියා පළාතේ ශ්‍රීලාංකිකයන් සංවිධානය කරන ලද ’’festival sri lanka 2023’’ ශ්‍රීලාංකික සංස්කෘතික උළෙල මෙම මස 28 හා 29 යන දෙදින තුළ Piazza del Cannone, Milano යන ස්ථානයේදී උදේ 10:00 සිට 08:00 රාත්‍රී දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. 26 October 2023
එක්ස්ප්‍රස් පර්ලි ගින්නට එරෙහි පෙත්සම් විභාගයට දින දෙයි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා වෙරළේ ගිනි ගැනීමෙන් පීඩාවට පත්වුවන්ට වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් තවත් ධීවරයන් 52 දෙදෙනකු පැවරූ පෙත්සම් සම්බනන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා එම පෙත්සම් දෙසැම්බර් 13 වැනිදා කැඳවීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද නියම කළේය. 26 October 2023
පොලිස් රිවෝල්වරයක් ක්‍රියාත්මක වී පී.සී තුවාල ලබයි හලාවත පොලිසියේදී රිවෝල්වරයක් ක්‍රියාත්මක වීමෙන් ආධුනික පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා හලාවත රෝහලේ ප්‍රාථමික සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන බව හලාවත මූලස්ථාන පොලීසිය පවසයි. 26 October 2023
පන්දම් විරෝධය බෙන්තොටත් යයි වර්තමාන රජය මගින් ඉන්ධන මිල ඉහළ දැමීමට විරුද්ධව බෙන්තොට ,මිරිස්වත්ත කටුවත්ත හංදියේදි අද රාත්රියේදී විරෝධතා වැඩ සටහනක් පැවැත්විණි. 26 October 2023
සිසුවියකට අතරවයක් ලක් කළ සංවර්ධන නිලධාරියා මාට්ටු මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක දී පාසල් සිසුවියකට අතවර කළේ යැයි කියන සංවර්ධන නිලධාරීයකු පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 26 October 2023
ශ්‍රී ලංකාව කඩුලු 8 කින් එංගලන්තය පරදවයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 25 වැනි තරගය ලෙස බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී අද (26) පැවැති තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8 කින් එංගලන්ත පිල පරාජය කරමින් විශිෂ්ට ජයක් ලැබීමට සමත් වූහ. 26 October 2023
ඒ ටි එම් කාඩ්පත් සොරාගෙන කෝටි ගණන් වංචා කළ දෙකක් දැලේ පොලිස් වසම් 18ක ඒ ටි එම් කුටි අසල රැඳී සිටිමින් මුදල් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් මුලාකර ඔවුන් සතුව තිබෙන ඒ ටි එම් කාඩ්පත් සූක්ෂම ලෙස සොරාගෙන රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි 26 October 2023
මත් ජාවාරමෙකුට උදවු කළ රේගු පරීක්ෂක මාට්ටු මර්ජුවාන නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 10 යි ග්‍රෑම් 417 ක් ලංකාවට ගෙන්වීමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුට ජාවාරම් සදහා ආධාර අනුබල ලබා දීම, සම්බන්ධයෙන් රේගු පරික්ෂකවරයකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. 26 October 2023
ජ.වි.පෙ බලය ඉල්ලන හේතුව ආශු කියයි ජනතා විමුක්ති පෙරමුණත් රටේ බලය ඉල්ලන්නේ අත්හදා බැලීම් කරන්නැයි ද එවැනි අත්හදා බැලීම් කරන්නට ගෝඨාභය රාජපක්ෂ ගෙනවිත් හොඳ පාඩමක් ඉගෙනගත් ජනතාවට තවත් පාඩම් අවශ්‍ය නැතැයි ද ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය. 26 October 2023
ලංකාවේ ගෙවල් හදන්න චීනයෙන් ඩොලර් මිලියන 350ක් සුළු හා මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති පහක් සඳහා චීන රජය ඩොලර් මිලියන 350ක ප්‍රදානයක් දී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය. 26 October 2023
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවකට කෝටි 7 ක පාඩුවක් සාවද්‍ය ලේඛන ඉදිරිපත් කර ණය ගැනීමෙන් සිදුවී ඇති වංචාවක් හේතුවෙන් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවකට රුපියල් කෝටි හතකට ආසන්න වටිනා පාඩුවක් සිදුවී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවී ඇත. 26 October 2023
අධිකරණ තීන්දුවකට පටහැනිව වැඩකළ අධ්‍යක්ෂවරුන්ට එරෙහි නඩුව කැඳවීම ලබන 20 දා ප්‍රසිද්ධ සමාගමක අධ්යක්ෂවරයකු සමාගමේ තනතුරුවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් දුන් අධිකරණ තීන්දුවකට පටහැනිව කටයුතු කරන ලැදැයි කියන එම සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට එරෙහිව පැවරූ නඩුව ලබන මස 20 වැනිදා කැඳවීමට කොළඹ වාණිජ මහාධිකරණය නියම කළේය. 26 October 2023
දෙමිතුරන්ගේ ‘තැනට සුදුසු නුවණින්‘ කොල්ලකරුවෝ මාට්ටු වයස අවුරුදු 13 සහ 12ක පාසැල් සිසුන් දෙදෙනෙකුගේ සැකය නිසා තු ර් කි තරුණියකගේ මුදල් බෑගය කොල්ලකා පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු අද (26) දින විනාඩි 45 ක් ඇතුළත අත්අඩංගුවට ගැනීම්ට හැකි වූ බව සීගිරිය පොලිසිය කියයි. 26 October 2023
ශ්‍රී ලංකාවට ලකුණු 157 ක ඉලක්කයක් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 25 වැනි තරගය ලෙස බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරඟයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත පිල ඕවර 33.2 කදී ලකුණු 156 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. 26 October 2023
සමන් රත්නප්‍රිය-සම්පත් රාජිත ගේ තනතුරුවලට වාරණ නියෝගයක් එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපතිවරයා සහ ලේකම්වරයා වශයෙන් පත්වු බව කියන සමන් රත්නප්‍රිය සහ සම්පත් රාජිත යන මහත්වරුන්ට අදාළ තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් නුගේගොඩ දිසා විනිසුරු කල්හාරි ලියනගේ මහත්මිය වාරණ නියෝගයක් නිකුත් කළාය. 26 October 2023
ශ්‍රී ලංකාව - ඉතාලිය අතර ශ්‍රම සංක්‍රමණික සහයෝගීතාවක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩමියානෝ ෆැන්කොවිග් මහතා අතර දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සහ ශ්‍රම සංක්‍රමණය සම්බන්ධ ගැටළු විසඳීම සඳහා වන විශේෂ හමුවක් අද (26) පැවැත්විණි. 26 October 2023
ජනපති අයවැය රහසක් කියයි ලෝකයේ තරඟකාරී ආර්ථිකය සමඟ ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් කිරීම වෙනුවෙන් ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 26 October 2023
දෙවන පාසල් වාරය හෙටින් අවසන් රජයේ සහ අනුමත පෞද්ගලික පාසල්වල මේ වසරේ දෙවන පාසල් වාරය හෙටින් (27) අවසන් කෙරේ. 26 October 2023
වරාය නගරයටත් ක්රිප්ටොකරන්සි මධ්‍යස්ථාන දෙකක් කොළඹ වරාය නගරයේ ක්රිප්ටොකරන්සි (Cryptocurrency) හුවමාරු දෙකක් පවත්වාගෙන යෑමට අවසර දුන් බව වරාය නගර කොමිසම රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්නේය. 26 October 2023
’රටවල් බහුතරයක් අප සමඟ තරහා වෙලා’ එක්සත් ජාතික පක්ෂය කළමනාකරණය කළ ආකාරයට රටේ විදේශ ප්‍රතිපත්තිය කළමනාකරණය කළ නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 26 October 2023
ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා ගැන ජනපති කාර්යාලයෙන් නිවෙිදනයක් දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ නැගෙනහිර ආසියාව සමඟ වෙළෙඳ ඒකාබද්ධතාවය පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට කටයුතු කරමින් සිටින බව ජනාධිපති කාර්යාලය පවසයි. 26 October 2023
දරුවන් ගෙනයන අබලන් බස් වෑන් ගැන පොලිසියෙන් දැඩි තීරණයක් පාසල් දරුවන් ප්‍රවාහනය කරන අබලන් තත්ත්වයේ පවතින බස් සහ වෑන් රථ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසයි 26 October 2023
එංගලන්තය ලකුණු රැස්කිරීම තෝරා ගනී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 25 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය ලැබූ එංගලන්ත පිලේ නායක ජෝස් බට්ලර් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. 26 October 2023
පුංචි ආණ්ඩු වලට ගෙවීම් ඔන්ලයින් ක්‍රමයට සියලුම පළාත් පාලන ආයතන වල ගෙවීම් කටයුතු ලබන වසරේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ කිරීමට සැලසුම් කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. 26 October 2023
ව්‍යාජ පැමිණිලි පිටපත් දුන් පීසී-සිවිල් ආරක්ෂක මාට්ටු මීගමුව පොලිසියට වාර්තා නොවූ පැමිණිල්ලක් වාර්තා වූ පැමිණිල්ලක් බවට සටහන් කර කූඨ ලේඛන සකස් කර කාන්තාවකට පැමිණිලි පිටපත් 4 ක් නිකුත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකුට සහ, සිවිල් ආරක්ෂක භට කාන්තාවකට එරෙහිව මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විමර්ශනයක් ආරම්භ කර ඇත 26 October 2023
රිය අනතුරුවලින් මේ වසරේ දරුවන් 115 ක් මියගිහින් මාර්ග අනතුරුවලින් මේ වසරේ ගතවූ කාලය තුළ දරුවන් 115 දෙනකු මිය ගොස් ඇති බව රථවාහන පොලිසිය පවසයි. 26 October 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026