(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයා සමග සජිත් ප්‍රේමදාස එකතු වෙන්නේ නැතැයි කියන කතාව අසා තමා ඉතා සතුටට පත් වූ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වන්නේ නැතැයි කීම එක්සත් ජාතික පක්ෂයට ද විශාල සහනයක් බව කී මහලේකම්වරයා සජිත් නැතිවීම යනු එජාපයේ හූනියම අවසන් වීම බවද සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය සමඟ සබඳතා පවත්වන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට සජිත් ගේ නොපැමිණීම බාධාවක් නොවනු ඇතැයි ද එජාප මහලේකම්වරයා සඳහන් කළේය.
රනිල් -සජිත් කිසි දිනක එකතු නොවෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ අතර ඊට පිළිතුරු දෙමින් එජාප මහ ලේකම්වරයා පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිලුත් නැතිව, සජිතුත් නැතුව UNP එකත් නැතිව ඡන්දෙ ආවොත් හොඳයිනේ...!
රට මේ තරම් විපතට පත්වෙලා තියෙන මොහොතක තවම සිඟිති ආතල් ගන්නවා.
ඔයාගේ ඔය හැකර කටත්, UNP යත් ලබන ඡන්දෙන් පස්සේ ඉවර වේවි මහත්තයෝ...!
මොකද ඔහේ පාර්ලිමේන්තුවේ නැත්තේ...? බල්ලගෙ වැඩේ බූරුවා කරලා වුණදේ දන්නවද? නැතුව ඇති...
අනේ වොඩ්කා මහත්තයෝ ඔයාලා හිතාගෙන ඉන්නේ රටේ ජනතාව වැඳගෙන ඉන්නවා කියලා. පුළුවන් නම් ඔබලාගේ ආරක්ෂාව නැතිව පාරේ බැහැලා යමල්ලා බලන්න මොකද වෙන්නේ කියලා බලන්න. යන්න අලුත් අපායවල් හැදෙනවා...
අපේ ටෝමියාටත් ඉඳලා හිටලා මස් කට්ටක් දුන්නාම හතර අතේ බුරනවා
ඇයි ගියපු පැත්ත සුනාමියට අහුවුනා වගේ සෝදාපාලුවට පත්වෙන තිත්ත උන්නැහේ ගැනත් එහෙම කිව්වට වරදක් නැහැ ලේකම්තුමා ඒත් හර්ෂ,ෆොන්සේකා , පාඨලී වගේ කීපදෙනෙක් හොද අය ඉන්නවා එහි සිටින එවැනි හොදයි කියන්න පුළුවන් අය ආවොත් සාමාජික කැමැත්ත අනුව ගන්නවා නම් හොදයි