එළඹෙන මැතිවරණයේදී වත්මන් පාර්ලිමේන්තු සාමාජිකයන් 150 දෙනකුවත් මහ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ගෙදර යවනු ඇතැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ පාර්ලිමේන්ත මන්ත්‍රී රොෂාණ් රණසිංහ මහතා පැවැසුවේය.
ඇතැම් නායකයන් ශ්‍රී ලංකාව බංකොලොත් සමාගමක් කරල තියෙනවා. එම බංකොලොත් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය කැබිනට් මණ්ඩලය බව රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.
රනිල් වික්‍රමසිංහ මහතාට රට බාර දීමට සුදුසු බව පැවැසුවේය. 1977 සිට 2023 දක්වා රට බංකොලොත් වූ වසර 45 ක කාලය තුළ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ඇතුළේ සිට ඒ පිළිබඳ හොඳ දැනීමක් තිබූ නිසා යැයි හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.
රට බාරදී අවුරුදු එකහමාරක් තුළ රට ස්ථාවර කරාවි යැයි විශ්වාස කළත් එය එසේ නොවුණු බව රොෂාන් රණසිංහ මහතා පැවැසුවේය.
ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක් ලැබුණු පසු සියලු ප්‍රශ්න විසදෙන බව ප්‍රකාශ කළත් එය රැවටීමක් බව රණසිංහ මහතා පැවැසුවේය.
ලබා ගන්නා ණය නිසි පරිදි කළමනාකරණයක් සිදු නොවන බවත් සිදු වන්නේ එදා වේල පිරිමැසීමක් බවත් රණසිංහ මහතා එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවැසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් වික්‍රමසිංහ මහතාට රට භාර දීමට සුදුසු බව පැවැසුවේය. මෙය නිවැරදිද ?
අවරුදු 45 තිස්සේ බංකොලොත් භාවය කරා ගෙනාපු රටක් වසර එකහමාරකින් ස්ථාවර කරනවා කියා හිතන්න තරම් ඔබ මෝඩයෙක්ද? Lie low, අනුන්ගේ අවධානයෙන් ඉවත් වෙන්න කාලය හරි.
225 පල් හොරු පලයන් ගෙදර.
ඒ කියන්නේ කට්ටියක් ආයෙත් එන්නත් හිතාගෙන ඉන්නවද ?
ඔව් ඉතින් ඔවුන් වැඩිම පිරිසක් අවුරුදු 60 පැනල රජයේ සේවයේ හිටියනම් විශ්‍රාම ගත් අයනේ.දැන් ඉතින් රජකම් කිරීම අත් හැර ලොවෙන්ම යාමට නියමිත නිසා ගෙදර යැවීම කල යුතුය ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නු තීන්දුව අනුව එහෙම පිරිසක් සිටි පක්ෂය හෝ සංවිධානය අතුගා දැමීමත් එහි හිටපු සියලු එවුනුත් සධාකාලිකව දේශපාලනයෙන් තුරන් කිරීමත් කල යුතුය
ඔයා හිතන් ඉන්නේ ඔයා ලබන පාර දිනයි කියලද ?පව් පොළොන්නරුවෙන් ඔල්ලන්නේ නෑ නේද ?පොලොන්නරුවම විනාශ කරා .ආයෙ කොහෙද ?
ඒ 150 ඇතුලේ ඔබතුමාත් ඉන්නවා
ඔබත්ඔය කියන අයත් අතර තියෙන වෙනස කුමක්ද?
150 ක් නොවෙයි 200ක් විතර ගෙදර යවනවා, ඒ අතර ඔයත් ඉන්නවා. බංකොලොත් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඔයත් හිටියා පස්සට පයින් ගහලා එලියට දානතුරු, ඒක දැන් ඔයාට අමතක වෙලා වගේ.